Monday, September 21, 2026
HomeNEWSමත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය ට අලුත් වැඩක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය ට අලුත් වැඩක්

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා යොමු කිරිමේදී ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලු  විනිශ්චකාරවරුන් සහ අධිකරණ නිලධාරින් වෙත ඊයේ (23) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම චක්‍රලේඛය නිකුත්කර ඇති බව වාර්තා වේ.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කිරීම මගින් බන්ධනාගාර සහ මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානවල මේ වන විට දැඩි තදබදයක් හටගෙන ඇති බවට  පසුගියදා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබුණි.

අගුණකොළපැලැස්ස පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 75ක් වුවද මේ වන විට එහි 140 දෙනෙකු සිටින අතර මහර බන්ධනාගාර පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 80ක් වුවද එහි 204 දෙනෙකු රඳවා සිටින බව ද බන්ධනාගාර මූලස්ථානය පවසයි.

පවතින ඉඩකඩ පහසුකම් පිළිබඳව අධිකරණය දැනුවත් කිරීමට කටයුතු  කළ ද දිගින් දිගටම රැඳවියන් යොමුකිරීම නිසා ගැටලු සහගත තත්ත්වයක් හටගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් දැනුම්දී තිබු අතර එම යෝජනා පිළිබඳව අවධානය යොමුකරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු විනිසුරුවරුන්ට නව චක්‍රලේඛය මගින් දැනුම්දී තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනුරුත්තාපනය සඳහා යොමු කිරිමේදී පවතින ඉඩ පිළිබඳව බන්ධනාගාර අධිකාරිවරයාගෙන් වාර්තාක් ලබාගෙන රැඳවියන් යොමු කිරීම හෝ සියලු නඩු අවසානයේ පුනුරුත්තාපනයට යොමු කිරීම සිදුකළ යුතුව ඇත.

ඊට අමතරව හැකි සෑම අවස්ථාවකම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බන්ධනාගාර පුනුරුත්තාපනයට යොමු නොකර පුනුරුත්තාපන කොමසාරිස් ජනරාල් කාර්යාංශයේ මධ්‍යස්ථාන, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මධ්‍යස්ථාන හෝ ප්‍රජා විෂෝධනය සඳහා යොමු කිරීම  සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම්දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img