Saturday, September 19, 2026
HomeNEWSබිත්තර ආනයනයට අවසර දුන් සැණින් කුරුළු උණක් එළියට එයි

බිත්තර ආනයනයට අවසර දුන් සැණින් කුරුළු උණක් එළියට එයි

විධිමත් වැඩපිළිවෙළක් නොමැතිව බිත්තර හිතුමතේ අනායනය කිරීමෙන් “ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා” (Avian influenza) නමැති රෝගය මෙරටට පැමිණියහොත් ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දීමට සිදු වන බව රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා ප්‍රකාශ කර සිටියේ, එලෙස හිතුමතේට අනායනය කළහොත් මෙම කර්මාන්තය කඩා වැටෙන බව ය.

බිත්තර අනායනය කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස ත් මෙහිදී සභාපතිවරයා අවධාරණය කළේ ය.

මේ පිළිබඳ වැඩිදුරට ත් අදහස් දක්වමින් සභාපතිවරයා මෙසේ පැවසීය.

“මේ හදිස්සියේ බිත්තර ආනයන කරලා මේ නිෂ්පාදනය වියදමට වඩා අඩුවෙන් වෙළෙඳපළට ඉදිරිපත් කළොත් අපේ කර්මාන්තය කඩා වැටෙනවා. අපි දන්නවා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ත් පෞද්ගලික අංශයත් විශාල මෙහෙයක් කරලා, ලෝකයේ හොඳ ම තාක්ෂණික මට්ටම දක්වා ආපූ බිත්තර හා කුකුළු මස් කර්මාන්තයක් අපේ රටේ තිබුණා. මෑත කාලයේදී තමා ආර්ථික අර්බුදයත් එක්ක කඩා වැටෙන්න් හේතු වුණේ.

මේ කර්මාන්තය එක්ක සෘජු හා වක්‍රව රැකියා කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ වෙලාවේදී මේ කර්මාන්තය රැක ගන්න අවශ්‍ය කටයුතු කරන්න ඕන. ඒ වගේ ම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශාල කාර්යභාරයක් කරලා ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා කියන රෝගය ශ්‍රී ලංකාවට එන්න දෙන්නේ නැතිව ආරක්ෂා කරගෙන ඉන්නවා.

පශු වෛද්‍යවරු, පශු විමර්ශන නිලධාරීන්, පසු පර්යේෂණ ආයතනය යන මේ සියලුදෙනා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතුවෙලා ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා රෝගය එන්න නොදී වළක්වා ගෙන ඉන්නවා. මේ රටට ඔය වගේ රෝගයක් ආවොත් ඉතා ම ගැටලු සහගත තත්ත්වයට පත්වෙනවා. අපේ මේ කුකුළු කර්මාන්තය බිඳ වැටෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img