Thursday, September 17, 2026
HomeNEWSඋසස් පෙළ පෙම්වතියට ඇසිඩ් ගහන්න ආ 21 හැවිරිදි පෙම්වතා

උසස් පෙළ පෙම්වතියට ඇසිඩ් ගහන්න ආ 21 හැවිරිදි පෙම්වතා

උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පියා සමග ත්‍රීරෝද රථයෙන් විභාග මධ්‍යස්ථානයට යමින් සිටි සිසුවියකට ඇයගේ පෙම්වතා යැයි පැවසෙන තරුණයෙකු විසින් ඇසිඩ් පෙවීමට උත්සාහ කළ පුවතක් කෑගල්ලෙන් වාර්තා වේ.

අදාළ තරුණයා ඇසිඩ් පෙවීමට උත්සාහ කරන විට ඇසිඩ් විසිරී යෑමෙන් සිසුවියට, ඇයගේ පියාට හා අදාළ තරුණයා පිළිසුම් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

සිසුවිය සිය පියා සමග කෑගල්ල නගරයේ විභාග මධ්‍යස්ථානයකට ත්‍රිරෝද රථයකින් යමින් සිටිය දී පරගම්මන ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි තරුණයෙකු ත්‍රීරෝද රථය හරස් කර නවතා සිසුවියගේ ගෙලෙන් අල්ලා ඇසිඩ් පෙවීමට උත්සාහ දරා ඇත.

එහිදී දැරියගේ පියා අදාළ තරුණයා සමග පොර බැද ඇති අතර, එහිදී ඇසිඩ් විසිරී ගොස් තිබේ.

මෙලෙස තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ, කෑගල්ල හෙට්ටිමුල්ල, උඩුමාගම ප්‍රදේශයේ පදිංචිව සිටින 21 හැවිරිදි පාසල් සිසුවියකි. ඇගේ පියා 45 හැවිරිදි අයෙක් වන අතර අදාළ තරුණයා ද 21 හැවිරිදි අයෙකි.

සිසුවිය මෙවර උසස් පෙළ විභාගය සඳහා දෙවනවරට පෙනී සිටීමට කෑගල්ලේ ප්‍රසිද්ධ බාලිකා පාසලකට පැමිණෙමින් සිටිය දී එලෙස ඇසිඩ් ප්‍රහාරයට ලක්ව තිබුණි.

එම අවස්ථාවේ දී පියා විසින් ඇසිඩ් බෝතලය උදුරාගෙන තරුණයාට පහරදී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිසුවියගේ මව පොලීසිය පවසා ඇත්තේ, කෑගල්ල නගරයේ පදිංචිව සිටින තම හිතවතියකගේ 21 හැවිරිදි පිරිමි දරුවා සමග කාලයක සිට තම දියණිය ප්‍රේම සම්බන්ධතාවයක් පැවති බවත් එයට දෙපාර්ශවයේම කැමැත්ත තිබූ බවත්ය.

දියණිය වැඩිදුරටත් ඉගෙනුම ලැබීම ගැන පෙම්වතා කිහිපවරක් අකමැත්ත පළ කර ඇති අතර, දියණිය දුරකථනයෙන් වෙනත් අයෙකුට කතා කරනවාට පවා අදාළ තරුණයා අකමැත්ත පළ කළ බව මව පොලීසියට පවසා තිබේ.

පෙම්වතාගේ දැඩි නීතිරීති නිසා පෙම් සම්බන්ධතාවය නතර කිරීමට තරුණිය යෝජනා කර ඇති අතර, එයින් කෝපයට පත් තරුණයා උස්ස පෙළ ලිවීමට යන සිසුවියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කරන බවට ඇයගේ ජංගම දුරකථනයට පවා කෙටි පණිවුඩ එවා ඇතැයි අනාවරණය වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ස්ථාන මාරු පිළිනොගත් ජාතික පාසල් ගුරුවරුන්ට විනය ක්‍රියාමාර්ග

ස්ථාන මාරු නියෝග පිළිනොගෙන කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ජාතික පාසල්හි සේවය කරන ගුරුවරුන්ට එරෙහිව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර...

ඕස්ට්‍රේලියානු වීසා නීති දැඩි වෙයි – විදෙස් සිසුන්ගේ පවුල්වල සාමාජිකයින්ට සීමා

ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන් සඳහා තම සහකරු/සහකාරිය හෝ දරුවන් රට තුළට ගෙන්වා ගැනීම වළක්වන නව වීසා සීමා පැනවීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇති...

වර්ජනයක් ක්‍රියාත්මක වුව ද සියලු කාර්යාල දුම්රියන් මේ වන විට සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

මාධ්‍ය ප්‍රකාශක  දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ  මහතා සඳහන් කළේ, එක් දුම්රියක් හැර  අනෙක් සියලු දුම්රියන් සාමාන්‍ය පරිදි මේ වන විට ධාවනය කිරීමට සැලසුම්...

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img