Thursday, September 17, 2026
HomeNEWSජීවිත බිලිගත් මාරක අනතුරු

ජීවිත බිලිගත් මාරක අනතුරු

ඊයේ (25) දිනය තුළ සිදුවු රිය අනතුරු තුනකින් පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ, එක් අනතුරක් ඊයේ දහවල් සෙට්ටිකුලම පොලිස් වසමේ පුවරසන්කුලම් මාර්ගයේ දී සිදුව ඇති බවය.

පුවරසන්කුලම් මාර්ගයේ ගමන් ගත් ලොරි රථයක ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහිදී 41 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මේ අතර පිළියන්දල පොලිස් වසමේ, හොරණ – කොළඹ මාර්ගයේ ජාලියගොඩ ප්‍රදේශයේ දී සිදුවු අනතුරකින් මියගොස් තිබේ.

බස් රථයකට දකුණු දිසාවෙන් ගමන් කළ යතුරුපැදියක් මාර්ගයේ පෙරළී ගොස් බස් රථයේ රෝදයකට යතුරුපැදිකරු යට වී එම අනතුර සිදුව ඇත.

අනතුරින් 33 හැවිරිදි යක්කමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ජීවිතක්ෂයට පත්වුණි.

මේ අතර මරදන්කඩවල – වාලච්චේන මාර්ගයේ දී හබරණ දෙන සිට මරදන්කඩවල දෙසට ධාවනය වූ ලොරියක් මාර්ගයේ නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබුණි.

අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල රෝහල් ගත කර ඇති අතර පසුව ඔවුන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වුණි.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 65ක් හා 46 ක්වූ ගනේවල්පොළ ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

මියගිය අය අතර මොරගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙක් සිටින බව පොලීසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මට්ටක්කුලියේ මාරක අනතුරක්.. තිදෙනෙකු මරුට

මට්ටක්කුලිය - රාස්සමූණකන්ද ප්‍රදේශයේදී මෝටර් රථයක්, ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදියක් ගැටී සිදුවූ අනතුරකින් තිදෙනෙකු මරුට. 05 කට වැඩි පිරිසකට තුවාල: පොලිසිය .

මහජන අධීචෝදනා අධ්‍යක්ෂ තනතුර ඇති නොකරන්නේ ඇයි? ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 16 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. දැන් මේ...

නාමල් රාජපක්ෂ 23 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් සිද්ධියට අදාලව ඇ:ඩො:මි: 2 ක් අයථා පරිහරණ චෝදනාවට සැකකරුවකු ලෙස ඉදිරිපත් කළ පා. ම. නාමල් රාජපක්ෂ ලබන 23 දක්වා රිමාන්ඩ් කිරීමට කොටුව...

මන්නාරම රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ දියුණු වන මන්නාරම දිස්ත්‍රික්ක තුළ ඉහළ සෞඛ්‍ය සේවාවක් සහතික කිරීමට මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img