Friday, November 6, 2026
HomeNEWSමවක් සහ දරු දෙදෙනාට දිවි අහිමි කළ ගින්න ගැන පුළුල් පරීක්ෂණයක්

මවක් සහ දරු දෙදෙනාට දිවි අහිමි කළ ගින්න ගැන පුළුල් පරීක්ෂණයක්

අනුරාධපුර ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි.

අනුරාධපුර – මහමාන්කඩවල ඇලයාපත්තුව ප්‍රදේශයේ නිවසක ඊයේ (26) රාත්‍රි 11.30 ට පමණ ඇතිවූ ගින්නකින් පිළිස්සී මවක් සහ ඇයගේ දරුදෙදෙනා ජීවිතක්ෂයට පත්විය.

ගින්නෙන් තුවාල ලැබූ පියා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මෙම ගින්න හටගෙන ඇත්තේ මව, සහ දරුවන් දෙදෙනා නිදා සිටි කාමරය තුළය.

ගින්න ඇතිවන අවස්ථාවේ පියා නිදා සිට ඇත්තේ වෙනත් කාමරයක බැවින් වහා කලබල වූ ඔහු සිය බිරිඳ සහ දරුවන් බේරාගැනීම සඳහා කාමරයට එන විටත් ගින්න සම්පූර්ණයෙන්ම කාමරේ පැතිරී ගොස් අවසන් බව වාර්තා වේ.

ගින්නෙන් 33 හැවිරිදි මවට, 10 හැවිරිදි දියණියට සහ 05 හැවිරිදි පුංචි පුතුට දිවි අහිමි විය.

ඔවුන්ගේ සිරුරු හඳුනාගැනීමට පවා නොහැකි තරමට පිළිස්සී තිබූ බව පැවසෙයි.

බිරිඳ සහ දරුවන් බේරාගැනීමට උත්සාහ කිරීමේදී බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ පියා මේ වනවිටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ සිය දරු පවුලේ වියෝව පිළිබඳ කඳුළු සලමිනි.

අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් චන්දන වීරකෝන් මහතා අද (27) දහවල් පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර තිබේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති නමුත් පියා පොලීසියට පවසා ඇත්තේ ගින්න ඇතිවන අවස්ථාවේ කාමරයේ පෙට්‍රල් බෝතලයක් තිබුණු බවය.

එමෙන්ම මෙම නිවසට විදුලිය සපයාගෙන ඇත්තේ අසල නිවසකින් බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

කෙසේවෙතත්, ගින්නට හේතුව අනාවරණ කළ හැක්කේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසුව බව ඇලයාපත්තුව පොලීසිය පැවසීය.

සිද්ධිය දුටු ඥාතියෙක් සඳහන් කළේ,

“මම ඇවිත් කෑගැහුවා. ශාන්ත පුතේ කෝ ළමයි දෙන්නා කියලා ඇහුවා. එතකොට..ලොකු අම්මේ ළමයි දෙන්නා ඇතුළේ පිච්චෙනවා කිව්වා. ඒ වෙලාවේ ළං වෙන්නවත් බැහැ. හෝස් හෝස් ගාලා ගිනි ගන්නවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img