Sunday, September 13, 2026
HomeNEWSසංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය, ආයෝජන දිරි ගැන්වීමේ අරමුණෙන් කුවේට් දේශයේදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික...

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය, ආයෝජන දිරි ගැන්වීමේ අරමුණෙන් කුවේට් දේශයේදී ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග දිග හැරේ.

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග ඇතුළත් විශේෂ සංස්කෘතික උත්සවයක් පසුගිය 08 වැනිදා කුවේට්හි දී කුවේට් දේශයේ ජල හා විදුලි ඇමතිනි ආචාර්ය අමානි සුලේමාන් අබ්දුල් වහබ් මහත්මියගේ සහ කුවේට්හි ශ්‍රී ලංකා තානාපති ඛාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික අංග, රටේ උරුමය පිළිබඳව කුවේට් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, විවිධ අමාත්‍යවල නිලධාරීන් සහ එහි සිටින විවිධ තානාපතිරුන් දැනුවත් කිරී‍මේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කාර්යාලය විසින් මෙම සංස්කෘතික උත්සවය සංවිධාන කර තිබුණි.

මෙරට සංස්කෘතික උරුමයන් විදහා දැක්වෙන් පරිදි පැවැත්වුණු මෙම සංස්කෘතික ප්‍රසංගයේදී එය නැරඹු බොහෝ දෙනා දැඩි ප්‍රසාදය පළ කර තිබේ.

රටවල් අතර මිත්‍රත්වය වැඩිදියුණු කර ගැනීම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, මෙරට තුළ ආයෝජන සිදුකර ගැනීම සඳහා ආයෝජකයින්ගේ අවධානය දිනාගැනීම, ගෘහ සේවයට අමතරව ඉදිරිකීරීම් ක්ෂේත්‍රය ඇතුළු තවත් විවිධ ක්ෂේත්‍රවල රැකියා අවස්ථා කුවේට් දේශයෙන් ලබා ගැනීම ඇතුළු අරමුණු කිහිපයක් මුල්කරගෙන කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම උත්සවය සංවිධානය කොට තිබුණි.

කුවේට් දේශයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිහු, විවිධ අමාත්‍යාංශවල උසස් නිලධාරීන්, කුවේට් හි සිටින විවිධ රටවල විදෙස් තානාපතිවරු, කුවේට් ව්‍යාපාරික ප්‍රජාව, කුවේට් දේශයේ සිටින ශ්‍රී ලාංකිකයෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img