Tuesday, September 15, 2026
HomeNEWSපක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අද (14) පෙරවරු 10ට දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිශන් සභාවේ සාමාජිකයින් අතර වි‍ශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

මේ අතර ‍එළැඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා වැයවන වියදම් පියවා ගැනීමට අවශ්‍ය මුදල් ලබාදෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණය නොකරන බව රජයේ මුද්‍රණාලාධිපති ගංගානි ලියනගේ මහත්මිය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී තිබුණි.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල්. ජී පුංචිහේවා මහතා සදහන් කළේ ඊයේ දිනයේදී ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බවය.

මැතිවරණ කොමිශන් සභාවේ සභාපති නීතීඥ නිමල්.ජී පුංචිහේවා මහතා සදහන් කළේ අද උදෑසන පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇතුළු පළාත් පාලන මැතිවරණයට අදාළ මුද්‍රණ කටයුතු සදහා රුපියල් මිලියන 461කට ආසන්න මුදලක් රජයේ මුද්‍රණාලය වෙත මැතිවරණ කොමිශන් සභාව විසින් ලබාදිය යුතුය.

රජය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට අනුව රාජ්‍ය ආයතනවලින් යම් සේවාවක් සැපයීමට පෙර ඊට අදාළ ගෙවීම් සිදුකළ යුතු බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට වැයවන මුදල් ලබාදෙන තුරු ඒවා මුද්‍රණය කිරීමට නොහැකි බව මෙලෙස මුද්‍රණාලාධිපතිනිය මැතිවරණය කොමිසමට දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img