Tuesday, September 15, 2026
HomeNEWSවිදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම යළි ඇරඹේ

බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් තාවකාලිකව නතර කර තිබූ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (14) උදෑසන 08.00 සිට යළි ආරම්භ කර තිබේ.

පරිගණක පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කිරීමට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ (13) දහවල් පියවර ගෙන තිබුණි.

එම තීරණයත් සමඟින් එහි පැමිණ සිටි ජනතාව නොසන්සුන් වීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගත් අතර පසුව එක්දින සේවාව මගින් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට එහි පැමිණි පිරිස ඊයේ රාත්‍රියේ එහි රැය පහන් කළේය.

ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ඊයේ දිනයේ අයදුම්පත් භාරගත් සියලු දෙනාගේ ගමන් බලපත්‍ර අද නිකුත් කරන බවය.

අද යළි දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නොහැකි අය වෙත කුරියර් සේවාවක් මගින් අදාළ ගමන් බලපත්‍ර නිවසටම ලබාදීමට පියවර ගන්නා බව ද ඒ මහතා සදහන් කළේය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සේවාවන් ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාව වෙන් කරගත් අය අද එහි නොපැමිණෙන ලෙසය.

සෑම අයකුම තමන් වේලාව වෙන් කර ගත් දිනට නොපැමිණ ඊට පසු දින පැමිණෙන ලෙසද ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ජනතාවට දන්වා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img