Tuesday, September 15, 2026
HomeNEWSආදරය වෙනුවෙන් ජීවිතයම කැපකළ අපේ කාලයේ පෙම්වතා

ආදරය වෙනුවෙන් ජීවිතයම කැපකළ අපේ කාලයේ පෙම්වතා

පෙම්වතුන් වෙනුවෙන් සුවිශේෂි දිනයක් වෙන්කර තිබෙන පසුබිමක, දිනකට සීමා නොවන ආදර කතාවක් ගැන අපට වාර්තා වුණේ ගාල්ල – උඩුගම, අලුත්වත්ත ප්‍රදේශයෙන්.

ගුරු යුවලක් වන චමරි ඉෂානි සහ සතිර මධුෂංක අවුරුදු 9ක ප්‍රේම කතාන්දරයකින් අනතුරුව 2018 වර්ෂයේදී විවාහ දිවියට ඇතුළත්ව තිබේ.

නමුත් විවාහ වී වසරකට පසුව එළැඹි එක් අවාසනාවන්ත දවසක, චමරි අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්ව ඇත.

සිහිසුන්ව මාස 3ක් රෝහල්ගතව සිටි චමරිගෙ ජීවිතය එතැන සිට බර වෙන්නේ රෝද පුටුවකටය.

චමරිට එතැන ඉඳලා කතා කරගන්න බැරි තත්ත්වයකටත් පත්ව ඇති අතර චමරිව නැවත දෙපයින් හිටවන්න සතිර කරන සුවිසල් කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස අනතුරින් අවුරුදු 3කට පසුව අද සතිරට යන්තමින් නම කියලා කතා කරන්න චමරිට පුලුවන් හැකියාව ලැබී ඇත. 

එදා සිට අද දක්වා පෙම්වතුන් මෙන්ම අඹුසැමි යුවලක් ලෙසට දිවි ගෙවන මොවුන් අතර කිසිදු අඩ දබරයක් නොවෙන තරමටම ආදරය සෙනෙහස රදාපවතින්නේ,භෞතික කිසිවක් තුල පමණක් සතුට නොපවතින බව ලෝකයාට පසක් කරමිනි.

මුළු මහත් ලෝකයේම ආදරවන්තයින් වැලන්ටයින් දිනය සමරද්දී කෙතරම් අඩුපාඩු තිබුණත් වසරේ තුන්සිය හැටපස් දවසෙම සීමා නොවන ආදරයක් එක්ක ජීවත්වන මේ වගේ ආදරවන්තයින් ලොවටම ආදර්ශයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img