Sunday, September 13, 2026
HomeNEWSඉරාන පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාරයක්

ඉරාන පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාරයක්

ඉරාන ගැහැණු ළමුන් පාසල් යාම වැළැක්වීමේ අරමුණින් ඔවුන් වෙත විෂ දුම් ප්‍රහාර එල්ල කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාසල් සිසුවියන් සම්බන්ධ මේ විෂ දුම් ප්‍රහාර පිළිබඳ විශේෂ අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබේ.

කාන්තා අයිතීන්ට දැඩි සීමා පනවන රාජ්‍යයක් ලෙස ඉරාන ඉස්ලාමීය ජනරජය ප්‍රකටව පවතී.

මාහ්සා අමීනි නම් තරුණියක් මියයාමේ සිදුවීමක් මුල්කරගෙන ගෙවුණු මාස කිහිපය පුරා ඉරාන තුළ දැවැන්ත විරෝධතා පවා පැවැත්වුණි.

පාසල් වසා දැමීමේ අරමුණින් පාසල් සිසුවියන්ට විෂ දුම් ප්‍රහාර එල්ල කිරීමේ බරපතළ පුවතක් එරටින් වාර්තා වන්නේ එවන් පසුබිමක ය.

ගෙවුණු නොවැම්බර් මාසයේ සිට මේ දක්වා ඉරාන පාසල් සිසුවියන් 700 දෙනෙකු මෙසේ විෂ දුම් ආඝ්‍රාණය වී රෝගී වී තිබේ.

ගැහැණු ළමුන් පාසල් යාම වළක්වා පාසල් වසා දැමීමේ අරමුණින් මෙය සිදුකරන්නට ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසයි.

විෂ දුම් ප්‍රහාරවලින් කිසිදු දැරියක් මියගොස් නොමැති නමුත් ඔවුන්ගෙන් වැඩි පිරිස හිසරදය, ක්ලාන්තය, ඔක්කාරය සහ වමනය වැනි රෝග තත්ත්වයෙන් පීඩා විඳ තිබුණි.

මෙය සිතා මතා සිදුකළ අපරාධයක් බවට හඳුනාගෙන ඇතත් එය හා පාසල් වසාදැමීමේ උත්සහයක් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය කරගැනීමට ඔවුන් සමත්ව නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img