Thursday, September 10, 2026
HomeNEWSඅමානුෂික ඝාතන දෙකක්

අමානුෂික ඝාතන දෙකක්

කොස්ගම දී සහ ගම්පහ දී අමානුෂික ඝාතන දෙකක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

ගම්පහ පොලිස් වසමේ මාකෙවිට ප්‍රදේශයේ දී නිවසක් තුළ දී පුද්ගලයෙකු විසින් කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණි.

බරපතළ තුවාල ලැබු කාන්තාව ගම්පහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි මාකෙවිට ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.

කලක සිට පවතින ඉඩම් ආරවුලක් දුරදිග හේතුවෙන් සැකකරු මරණකාරියගේ නිවසට ගොස් ආරවුලක් ඇති කරගෙන තිබේ.

එහිදී තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය පැවසීය.

ඝාතනය සම්බන්ධයෙන් 45 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, කොස්ගම පොලිස් වසමේ මුණමලේවත්ත ප්‍රදේශයේ දී ද ආරවුලක් දුරදිග යෑමෙන් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ එලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි කළුඅග්ගල පදිංචිකරුවෙක් බවය.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img