Wednesday, November 4, 2026
HomeNEWSප්‍රධාන රෝහලක ළමා වාට්ටුවක් වැසේ

ප්‍රධාන රෝහලක ළමා වාට්ටුවක් වැසේ

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට තීරණය කර තිබේ.

ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම රෝහලේ සේවයේ නිරතව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් තිදෙනාම විදෙස් රටවල පදිංචියට යාම හේතුවෙන් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුවක් වසා දැමීමට සිදුව ඇති බවය.

මේ අතර රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ඒකකයට අයත් එම ළමා වාට්ටුව වසා දැමීම හේතුවෙන් වෛද්‍ය සිසුන්ට සායනික පුහුණුව ලබාගැනීමේ අවස්ථාවද අහිමිව ගොස් ඇති බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම එම රෝහලේ තවත් වෛද්‍යවරු පිරිසක් මේ වනවිට රට හැර යාමේ සූදානමකින් පසුවන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ ජනතාව බරපතළ අසීරුතාවයකට පත්ව ඇති බවය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ වෘත්තිකයින්ට සුදුසු පරිසරයක් රට තුළ නොමැතිවීම සහ අන්තනෝමතික බදු ප්‍රතිපත්ති හේතුවෙන් ඇතිවිය හැකි මෙවන් දැඩි අර්බුදකාරී තත්ත්වයන් පිළිබඳ එම සංගමය පසුගිය කාලසීමාවේ දිගින් දිගටම අනතුරු ඇඟවීම් නිකුත් කළ බවය.

මේ වනවිට රෝහල් අභ්‍යන්තර චක්‍රලේඛයක් මගින් අදාළ වසා දමා ඇති ළමා වාට්ටුවට අනුයුක්තව සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්යමණ්ඩලය වෙනත් වාට්ටු වෙත මාරුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සූපශාස්ත්‍ර ක්ෂේත්‍රයේ වෘත්තීය කුසලතා ඉහළ නැංවීමේ වැදගත්කම අමාත්‍ය විජිත හේරත් අවධාරණය කරයි “ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ශක්තිමත් කිරීමටත්,...

රනිල්, අනුරට දුන්නේ බංකොලොත් රටක් නොවෙයි- ෂිරාස් යුනුස්

මාලිමා ආණ්ඩුව පැමිණෙන විට රට බංකළොත් වී නොතිබුණු බවත් රට ආර්ථික වශයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ වන විට ස්ථාවර කර තිබූණු බවත්...

ක්‍රිෂ් නඩුවට අදාළව නාමල් රාජපක්ෂට ඇප

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. නාමල් රාජපක්ෂ...

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි

ගෝලීය අක්ෂි සෞඛ්‍ය සමුළුවට අගමැතිනිය සහභාගී වෙයි 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට (CHOGM) සහභාගී වීම සඳහා ඇන්ටිගුවා සහ බාබුඩා වෙත ගොස් සිටින අග්‍රාමාත්‍ය ආචාර්ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img