Thursday, September 10, 2026
HomeNEWSසිරුරෙන් වෙන්වූ තරුණියගේ අත සාර්ථකව බද්ධ කෙරේ

සිරුරෙන් වෙන්වූ තරුණියගේ අත සාර්ථකව බද්ධ කෙරේ

සිරුරෙන් වෙන්වී තිබූ අතක් පැය 4ක ශල්‍යකර්මයකින් පසුව සාර්ථකව බද්ධ කළ පුවතක් කෑගල්ල මහ රෝහලෙන් වාර්තා වෙයි.

කෑගල්ල එරබඳුපිටිය ප්‍රදේශයේ ඥාතීන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් 21 හැවිරිදි තරුණියගේ අතට මන්නා ප්‍රහාරයක් එල්ලවී ඇත.

එම ප්‍රහාරයෙන් තරුණියගේ වම අතේ පහළ කොටස වෙන්වී ගොස් තිබූ බව වෛද්‍යවරුන් පවසයි.

කෙසේ වෙතත් අයිස් බෑගයකට දැමූ එම තරුණියගේ වෙන් වී ගිය අතේ කොටස සමඟ තරුණිය කඩිනමින් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

එහිදී වහාම ක්‍රියාත්මක වූ කෑගල්ල මහ රෝහලේ විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සිරුරෙන් වෙන්වී ගිය අත බද්ධකිරීම සඳහා සැත්කමක් ආරම්භ කර තිබේ.

විශේඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන මහතා අද දෙරණට පැවසුවේ සහයක වෛද්‍යවරුන්, නිර්වින්දන වෛද්‍යවරයා, හෙද කාර්යමණ්ඩලය, සෞඛ්‍ය සහයක කණ්ඩායම් සහ ලේ බැංකුව විසින් ලබාදුන් නොමද සහාය මත එම තරුණියගේ අත සාර්ථකව බද්ධ කිරීමට හැකියාව ලැබුණු බවය.

ශල්‍යකර්මයෙන් අනතුරුව තරුණිය දැඩි කෑගල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර තරුණියගේ තත්ත්වය ක්‍රමයෙන් සුව අතට හැරෙමින් පවතින බව වෛද්‍යවරුන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img