අජිත් රාජපක්ෂට කොසෝවෙන් ආරාධනාවක්
මේ දිනවල දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වෙන ලෝක සාම සමුළුව ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගී වී සිටින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට එහිදී විදෙස් රටවල රාජ්‍ය නායකයින් හා විදේශ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම හමුවිය.
කොසෝවෝ රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඇල්බින් කූරීන් හමු වු අවස්ථාවේදී අජිත් රාජපක්ෂට ආරාධනා කර ඇත්තේ කොසෝටෝ රාජ්‍යයේ සංචාරයකට පැමිණෙන ලෙසයි.එම ආරාධනාව පිළිගන්නා බවත් දෙරට අතර මිත්‍රත්වය වැඩි දියුණු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව උපරිම ආකාරයෙන් කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී කොසෝවෝ අග්‍රමාත්‍යවරයාට ප්‍රකාශ කර තිබේ.






















