ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල අද සිට පහත දමයි.සතොස කිරිපිටි 400g පැකට් එකක මිල රු.50කින් අඩුකර ඇති අතර එහි නව මිල රු.1,030ක්,වියළි මිරිස් 1kg මිල රු.45කින් අඩුවන අතර එහි නව මිල රු.1,350ක්,රතු පරිප්පු 1kgක් රු.10කින් මිල අඩුවන අතර නව මිල රු.325ක්, සෝයා මීට් 1kg මිල රු.10කින් පහත දමා ඇති අතර එහි නව මිල රු.660ක්,ලොකු ලූනු 1kgක් රු.6කින් අඩුවන අතර නව මිල රු.129ක්, සුදු සීනි 1kg රු.4කින් අඩුවන අතර නව මිල රු.239ක්.






















