Monday, November 9, 2026
HomeNEWS"ඇඹුම් බලි ශාන්තිකර්මය" දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව්. ගමගේ ...

“ඇඹුම් බලි ශාන්තිකර්මය” දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව්. ගමගේ ප්‍රධානත්වයෙන්.

හෙළාභි නෘත්‍යා 2023 “ඇඹුම් බලි ශාන්තිකර්මය” දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව්. ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05/25) රාත්‍රීයේ පිටදෙනිය මහා විද්‍යාල භූමියේ දී පැවැත්විණි.

උදෑසන සිට දවස පුරා සනර්නා කලා නිකේතනයේ දරු දැරියන් 60 දෙනෙකුගේ හිස වෙස් තැබීම හා ශීර්ෂාභරණ පැළඳවීමේ කළ එළි මංගල්‍යය පැවැත්වූ අතර, ඒ නව කලා ශිල්පීන්ට, ඔවුන්ගේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, පැමිණ සිටි සියළුම ජනතාවට වස් දොස් දුරුවීම උදෙසා උඩරට නර්තන සම්ප්‍රදායට මූලිකත්වය දෙමින් ඇඹුම් බලි ශාන්ති කර්මයක් ඊයේ ‍රාත්‍රීය පුරා පැවැත්විණි.

මෙහිදී ගරු ආණ්ඩුකාරතුමා විසින් උත්සව අවස්ථාවට පැමිණ සිටි පිරිස අමතමින් හිස වෙස් පැළන්දූ දරු දැරියන් අගයනු වස් සිය සුභාෂිංෂණ පිරිනැමූ අතර, හිස වෙස් තැබීමේ හා ශීර්ෂාභරණ පැළදවීමේ මංගල්‍යය සාර්ථක කර ගැනීම සදහා කීඹිය තරුණ බොදු සුවද කැල සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඉහළ කීඹිය ක්ෂේත්‍රාරාම පුරාණ විහාරස්ථානයේ පූජ්‍ය වලහන්දූවේ මහින්ද ස්වාමීන් වහන්සේ වෙත රුපියල් 50,000 ක මුදල් ප්‍රතිපාදන දකුණු පළාත් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් ලබා දීමට ගරු ආණ්ඩුකාරතුමා විසින් කටයුතු කරන ලදී.

මේ වැඩසටහන සංවිධානය කළේ කීඹිය තරුණ බොදු සුවද කැල සහ සනර්නා කලා නිකේතනය විසින් වන අතර වැඩසටහන මෙහෙය වන ලද්දේ ආචාර්ය නාලක සංජීව මහතා සහ ආචාර්ය තරිඳු රත්නායක මහතා විසිනි.

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය වැඩම කර සිටි අතර උඩරට නර්තන ශිල්පීන්, සනර්නා කලා නිකේතනයේ දරු දැරියන් ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img