Monday, November 9, 2026
HomeNEWSබුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගන්න එපා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස .

බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගන්න එපා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස .

බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගන්න එපා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

සම්බුද්ධ සාසනය ආරක්ෂා කිරීම රැක ගැනීම ප්‍රවර්ධනය කිරීම අප සියලු දෙනාගේම වගකීම බවත් ඒ සඳහා බුද්ධසාසන අමාත්‍යාංශය, බුද්ධ සාසන අරමුදල සහ තවත් සාසනික ප්‍රවර්ධන ක්‍රියාදාම රැසක් ක්‍රියාත්මක වූ අප රටේ මේ මොහොත වන විට විවිධ කරුණ කාරණා නිසා සම්බුද්ධ සාසනය යම් පසුබෑමකට ලක්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ගිහි පැවැදි සියලු දෙනාගේම වගකීම මේ උතුම් සාසනය සුරක්ෂා කිරීම බවත් ආගම දහමත රාජ්‍ය පාලනයත් එකට කවලම් නොවිය යුතු බවත් බුද්ධාගම දේශපාලන ආයුධයක් කර ගැනීම තුළ ආගම දහමට ලැබිය යුතු ඉහළ ප්‍රශ්සත සැලකීම පලුදු වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සම්බුද්ධ සාසනය සුරක්ෂා කිරීමට කට වචනයට සීමා නොවී ප්‍රායෝගිකව කටයුතු කිරීම බව යි.

රට පුරා ඇති විහාරස්ථානවල කැපකිරීම් රැසක් කරමින් අසීරු ගමනක් යන සම්බුද්ධ සාසනයේ මුර දේවතාවුන් ලෙස සලකන ගෞරවනීය මහා සංඝරත්නය සුරක්ෂා කිරීම ද සියලු දෙනාගේම වගකීම බවත් එය ප්‍රායෝගිකව මහපොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමට සියලු දෙනාම එක හා සමානව දායක විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (10) පැවසීය.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ දසරාජ ධර්මය අනුව රාජ්‍ය පාලනය දියත් වූයේ නම් රටත් ජාතියත් ආගමත් සම්බුද්ධ සාසනයත් සුරක්ෂිත වන බවත් ඒ ඉලක්කය ජය ගැනීමට යාම සැමගේම වගකීම බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට අසත්‍ය රජ වී සත්‍ය යටපත් වී ඇති බව යි.

ගාල්ලේ දංගෙදර ශ්‍රී ජයවර්ධනාරාම මූල මහා විහාරය, ගාල්ල ජම්බුකැටිය සිරි සුගතාරාමය, ගාල්ල සමඟිවත්ත අභිනවාරාම, තුන්බෝධි විපස්සනා මධ්‍යස්ථානය, හක්මන පල්ලාවෙල දකුණ පිටවල්ගමුව නිග්‍රෝධාරාමය යන විහාරයන්හි අධිපති විශ්‍රාමලත් නියෝජ්‍ය විදුහල්පති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු බාහිර කථිකාචාර්ය ශාස්ත්‍රපති පල්ලාවෙල සුමේධවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ගාලු මාතර හම්බන්තොට තෙදිසාවේ අධිකරණ සංඝනායක ධූරය පිරිනැමූ අතර එම උත්සවයට සහභාගිවෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

NEWS CLIP ? https://youtu.be/iwjjtfwJECE

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img