පොලිසියට බෝම්බ ගහන්න එයි.. පොලිසියෙන් වෙඩි තබයි..
ගාල්ල, අක්මීමන ප්රදේශයේදී ඊයේ (10) රාත්රී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් සැකකරුවෙකු තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන අතර තවත් සැකකරුවෙකු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ ගොඩකන්දේවත්ත, මීගොඩ, වංචාවල ලිපිනයේ පදිංචි මලීෂ විධුරංග දිසානායක (19) නැමැති අයයි. අත් අඩංගුවට ගෙන ඇත්තේ ඉහත ලිපිනයේම පදිංචි හේවාවෙලෙන්ගොඩ පතිතිනිගේ ඉසුරු ගිම්හාන (19) නැමැති අයයි.
සැකකරුවන් අද (11) දහවල් ගාල්ල අතිරේක මහේස්ත්රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පෙරේදා (10) රාත්රියේ පොලිස් ජංගම යතුරුපැදි මුර සංචාරයේ නිරතව සිටි අක්මීමන පොලීසියේ නිලධාරීන් දෙදෙනකු විසින් මාර්ගයේ රැදී සිටි පුද්ගලයින් දෙදෙනකු පරික්ෂා කිරීමට උත්සාහ කර ඇති බවත් එහිදී එක් පුද්ගලයෙක් පොලීසියට අත් බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමට උත්සාහ කිරීමේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් පොලීසිය කියයි.






















