පළාත් පාලන ඡන්දේ අවලංගු කරන්න, අගමැති මුල් පිටුවේ සිටි උපදේශක කාරක සභාවට යෝජනාවක්
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පසුගිය බදාදා පාර්ලිමේන්තුවේදී රැස්වූයේ විෂය භාර අමත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. රැස්වීම ආරම්භයේදී ම පළාත් පාලන ඡන්දයට නාම යෝජනා දුන් රජයේ සේවකයන් නැවත සේවයේ පිහිටුවීමේ ප්‍රශ්න සහ සිමා නිර්ණය පිළිබඳ උණුසුම් කතාබහක් ඇතිවිය. ජගත් කුමාර මන්ත්‍රීවරයා කතාව ආරම්භ කරමින් පළාත් පාලන අංශයේ නිලධාරීන්ටද දැඩි චෝදනා එල්ල කළේය.
” රජයේ සේවක අපේක්ෂකයන්ගේ ප්‍රශ්නේ ගැන අපේ අමාත්‍යංශය නියම පරිදි චක්‍රලේඛය නිකුත් කරලා තියෙන්නේ, මැතිවරණ කොමිසමෙන් තමා අහන්න ඕනේ” පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසිය.
“ආණ්ඩුව ඉතිං ඡන්දේ තියන්නෙත් නෑනේ” ශ්‍රීලනිප ලේකම් දයාසිරි මන්ත්‍රීවරයා පවසද්දී “ඡන්දේ තියනවට කැමති නිසා තමයි, අපිත් නාම යෝජනා දුන්නේ” අගමැති දිනේෂ් සිනාසෙමින් කිවේය.
“නාම යෝජනාකැන්සල් කරලා, මැතිවරණය අවලංගු කළා නම් මේ ප්‍රශ්න ඉවරයි” ලසන්ත අලගියවන්න කියා සිටියේය.
“පාර්ලිමේන්තුවට යෝජන්නාවක් ගේන්න” දිනේෂ් කිවේය.
“මේ උපදේශක කාරක සභාව ඒක අනුමත කළා කියලා කියමු. දැන් ඡන්දේ ඉල්ලන සන්ධානත් කැඩිලා තියෙන්නේ ” අලගියවන්න නැවත සඳහන් කළේය.
මෙම රැස්වීමට විපක්ෂ නායකවරයා, ජගත් සමරවික්‍රම, සිවඥානම් ශ්‍රීධරන්, ඩි බි හේරත්, ගුණතිලක රාජපක්ෂ, රාජිකා වික්‍රමසිංහ, මුදිතා ඩි සොයිසා, මංජුලා දිසානායක, ප්‍රේමනාත් දොලවත්ත, චාල්ස් නිර්මලනාදන්, වරුණ ලියනගේ, සහන් ප්‍රදීප්, මධුර විතානගේ, සංජිව එදිරිමාන්න, එස් වියාලේන්ද්‍රන්, ජගත් පුෂ්පකුමාර, අජිත් රාජපක්ෂ, කාදර් මස්තාන්, සුමිත් උඩුකුඹුර, ගෙවිඳු කුමාරතුංග, ගයන්ත කරුණාතිලක, ඒ එල් එම් අතාවුල්ලා ආදී මන්ත්‍රීවරු රැසක් සහභාගී වෙමින් සිය ප්‍රශ්න ඉදිරිපත් කළහ.
විපක්ෂ නායකවරයා පැමිණියේ රැස්වීම අතරතුරය. ඔහු පසුගිය වාර්තාවේ සටහන් බලා “මේකේ සමහර ඒවා නෑනේ, හරියට යූ එන් පී වර්කින් කමිටි එක වගේ”
“ආ ඒක මම දන්නේ නෑ, මම ඒකෙ හිටියේ නෑනේ” අගමැති දිනේෂ්, සිනාසෙමින් කිවේය.
පළාත් පාලන සිමා නිර්ණය ගැනද මන්ත්‍රීවරු රැසක් ප්‍රශ්න කළේය.
“අපි කියලා තියෙන්නේ මන්ත්‍රී ධුර 50%කින් අඩු කරන්න කියලා විතරයි” වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.
“මන්ත්‍රීවරුන් සමග පාර්ලිමේන්තුව සමග සාකච්ඡා නොකර පළාත් පාලන කොට්ඨාශ වෙනස් කිරීම ගැන නීති වෙනස් කිරීම නොකරන බවට මම ප්‍රතිඥාවක් දෙනවා ” අගමැති දිනේෂ් කිවේ, එම කතාව දිගින් දිගට ම ඇදී යද්දීය.






















