වැඩි මිලට බිත්තර විකුණා 11 ලක්ෂයක් දඩ කයි..
බිත්තර , සහල් වැඩි මිලට අලෙවි කිරිම සහ මිල ප්‍රදර්ශනය නොකර ආහාර ද්‍රව්‍ය අලෙවි කල වෙලෙදුන් 19 දෙනෙකු නිතියේ රැහැනට කොටු කර ගනිමින් එම වෙලෙදුන් 19 දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අවස්තාවේ සැකකරුවන් අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා චුදිතයන් 19 දෙනාට රු එකලොස් ලක්ෂ හැට තුන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් මොහොමඩ් ෆරුක් ඩින් මහතා නියෝග කලහ.
හැටන් , මස්කෙලිය , නොර්වුඩ් සහ සාමිමලේ යන නගර වල පාරිභෝගිකයන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත පසුගිය දා තම අධිකාරියේ නිලධාරින් වැටලිමක් සිදු කර සැකකරුවන් 19 දෙනා නිතියේ රැහැනට කොටු කරගත බව නුවරඑලිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරි කාර්යාලයේ ස්ථානභාර නිලධාරි අමිල රත්නායක මහතා පැවසිය.






















