Monday, November 9, 2026
HomeNEWS"දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක්‌ කල යුතුයි. " -අමාත්‍ය ආචාර්ය...

“දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක්‌ කල යුතුයි. ” -අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන.

“දුම්රිය පෞද්ගලිකකරණය නොකීරීමට නම් එය අනිවාර්යෙන්ම අධිකාරියක්‌ කල යුතුයි. “
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා.
දුම්රිය රියදුරු සංගමේ වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව මා පසුගිය කාලය තුළ විශාල හැදෑරීමක් කළා. සිදු කළ යුතු විශාල ප්‍රමාණයේ වෙනස්කම් රාශියක් පැවතුනත් ඒ සඳහා යෙදවීමට මුදල් ප්‍රතිපාදන නැහැ. ඊට මා දකින ප්‍රධානම හේතුව දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම් වියදම් ගිණුම්කරණය පිළිබඳ ඉතාමත් අකාර්යක්ෂම වීම. සංඛ්‍යා දත්ත නොමැතිව හැඟීම් ආවේග වලින් පමණක් ආයතනයක් දියුණු කළ නොහැකියි. බොළඳ දේශපාලන අර්ථකථන මත ආයතන මෙහෙයවීම වරදක්.
විසඳිය හැකි ඕනෑම ගැටළුවක් කැබිනට් මණ්ඩලය, ජනාධිපතිතුමා, අගමැතිතුමා සමඟ සාකච්ඡාකර විසඳුම් ලබා දීමට මා සුදානම්. දුම්රිය ක්ෂේත්‍රයේ සියළු වෘත්තීය සමිතිවලින් මා කල එකම ඉල්ලීම දේශපාලන අරමුණ වලින් සිදුකරන වර්ජන වලට එක් නොවන ලෙසයි.
තවදුරටත් දෙපාර්තමේන්තුවක් ලෙස පවත්වාගෙන යමින් දුම්රිය ගොඩ ගැනීමේ හැකියාවක් නැහැ. දෙපාර්තමේන්තුවකට වාණිජ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ.වරාය අධිකාරිය, ටෙලිකොම් ආයතනය සංවර්ධනය කළ ආකාරයට ආයතනයේ සුළු සේවකයෙකුට හෝ හානියක් නොවන ලෙස රැකියාවේ,විශ්‍රාම වැටුපේ සුරක්ෂිතතාවය ආරක්ෂා වන පරිදි දෙපාර්තමේන්තු නිලධාරීවාදයෙන් මිදී අධ්‍යක්ෂ මණ්ඩල පාලනයක් යටතේ ක්‍රියාත්මක වන ක්‍රමයකට අපි යා යුතුයි.
පසුගිය කාලයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ තුල ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ඉතා යහපත් ව්‍යාපෘති පවා ඇතැම් නිලධාරීන් ලබා දුන් වැරදි උපදෙස් හේතුවෙන් අහිමි වී ගියා. එම නිසා ඉදිරියේදී කිසියම් රජයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ යෝජනාවක් නැවත වෙනස් කරනවා නම් ඒ සඳහා පාර්ලිමේන්තුවෙ විශේෂ අනුමැතියක් ලබා ගත යුතු බවට පනතක් ඉදිරිපත් කර තිබෙනවා.
දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්.ඒ.ඩී.එස්.ගුණසිංහ මහතා, දුම්රිය අතිරේක සාමාන්‍යධිකාරීවරුන්, වෘත්තිය සමිති නිලධාරීන්ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img