ප්‍රායෝගික බෞද්ධයින්ට එරෙහිව සිදු කෙරෙන කුමන්ත්‍රණයක් ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්!
හෘද සාක්ෂියට එකඟව ප්රායෝගිකවම ශ්‍රී සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවෙන ප්‍රායෝගික බෞද්ධයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට එරෙහිව අභූත චෝදනා එල්ල කරමින් ඔවුන් විසින් සිදු කරනු ලබන උතුම් සමාජය සහ ශාසනික මෙහෙවර අඩපණ කිරීමට කිසියම් කුමන්ත්‍රණයක් සිදු වෙමින් පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ රටේ බුද්ධ ශාසන අමාත්‍යාංශය ඇති කළේත්,බුදු දහම වෙනුවෙන් මෑතකාලයේ අප්‍රමාණ මෙහෙවරක් ඉටු කළේත් දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා බව සිහිපත් කළ විපක්ෂ නායකතුමා,එදා එතුමා විහාරස්ථාන වලට ගොස් මල් පහන් පූජා කිරීම පවා ඇතැමුන්ගේ උපහාසයට කරුණක් වූ බවද පැවසීය.
සැබෑ බෞද්ධයින් ලෙස සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමටත් ගොඩනැඟීමටත් ඇප කැපවීම අඩපන කොට ඔවුන්ව සමාජයේ නිග්‍රහයට පත් කිරීම ඒ කුමන්ත්‍රණවල අරමුණ බව ද විපක්ෂ නායකතුමා පැවසීය.
බෞද්ධ විරෝධී බලවේග හිස ඔසවන විට ඔවුන්ව සමනය කිරීමට නොහැකිනම් එය බරපතළ ඛේදවාචකයක් බවත්,බුදුදහම සුරක්ෂිත කිරීමට ඇප කැපවීම කාගේත් වගකීම බවද පැවසීය.
පවුල් දේශපාලනයට තමන් සහ මුලින් විරුද්ධ බව පැවසූ විපක්ෂ නායකතුමා,නමුත් ඔවුන්ට සමාජ සේවය කිරීමේ අයිතියට බාධා කිරීමට තමන් කිසිවිටකත් සූදානම් නැති බව ද පැවසීය.ජේ ආර් ජයවර්ධන මහතාගේ සමයේදී ක්‍රියාත්මක වූ සේවා වනිතා ඒකකය පිළිබඳව සිහිපත් කළ විපක්ෂ නායකතුමා දේශපාලනඥයන්ගේ බිරින්දෑවරු එම වැඩසටහන හරහා සමාජ සේවාවන් රැසක් ඉටු කළ බවත්,ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමාගේ බිරිඳ පවා එම වැඩසටහනෙහි ප්රමුඛ කාර්යභාරයක් ඉටු කළ බවත් පැවසීය.සමාජ සේවය සිදු කරනවා යනු මැතිවරණයට ඉදිරිපත් වීම හෝ මන්ත්‍රී ධුර ලබාගැනීම හෝ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ට සමාජ සේවාවන් කිරීමට ඇති අයිතියට අවහිර කළ නොහැකි බව ද පැවසීය.
ත්‍රෛනිකායික පළාත් මහා සංඝරත්නයේ ආශිර්වාදය මත ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී” ගෞරව නාමය පිරිනමනු ලැබීමත් නයන වාසල තිලක මහතාට දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ බස්නායක ධූරය පිරිනැමීමත් ඇතුළු උතුම් පින්කම් රැසක් ඊයේ(17) පැවැත්විණි.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතියත් උන්නතියත් උදෙසා නිස්සරණාධ්‍යාශයෙන් කරනු ලබන උදාරතර මෙහෙවර ඇගයීමට ලක් කරමින් ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත මෙම ගෞරව නාමය පිරිනමනු ලැබීය.
පූජ්‍ය මෙත්මුනිගම සිරිසුමන නාහිමිපාණන් වහන්සේ,පූජ්‍ය කහත්තේවෙල සිරි නිවාස නාහිමිපාණන්වහන්සේ,පූජ්‍ය නින්දානේ චන්දවිමල නාහිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමවා වදාළ අතර ත්‍රෛනිකායික ගෞරවනීය මහා සංඝරත්නය විසින් “ශ්‍රී සුගත ශාසන ප්‍රසාදනී”ගෞරවනාම සන්නස ජලනි ප්‍රේමදාස මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.
මේ එම උත්සව සභාව අමතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ කළ සම්පූර්ණ කතාවයි!
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් ගනු ලබන උත්සාහයට සහ වෑයමට ඇගයීමක් ලබා දීම සම්බන්ධයෙන් අති ගෞරවනීය මහා සංඝ රත්නයට අපගේ වන්දනීය ප්‍රණාමය පුද කරනවා.
බුදු දහම ඉලක්ක කර ගනිමින් වර්තමානයේ අභියෝග රැසක් පැන නැගී තිබෙනවා.ඇතැම් දේශපාලන අවස්ථාවාදී කණ්ඩායම් බුදු දහමට පුනර්ජීවනයක් රැගෙන එන බව පවසමින් බුදු දහම ඒ අයගේ දේශපාලන ආයුධයක් බවට පත්කර ගනිමින් ඉන්නවා.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා ප්‍රථම වතාවට බුද්ධ ශාසන අමාත්‍යාංශයක් බිහි කළා.ඒ වගේම බුද්ධ ශාසන අරමුදලකුත් ස්ථාපනය කළා.
ප්‍රථම වතාවට එවැනි සිතුවිල්ලක් පහළ වෙලා එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූයේ එතුමා.වඩා අපිට මාළිගාවිල බුදු පිළිමය ප්‍රති සංවිධානය කළා.ශ්‍රී දළදා මාලිගාවට රන් වියනක් ඉදිකළා.ගම් උදා භූමියක් පාසා චෛත්‍යරාජයානන් වහන්සේලා ඉදිකළා.බොහෝ වේලාවක් කතා කළ හැකි සාසනික මෙහෙවරක් එතුමා ඉටු කළා.ඒ තමයි ප්‍රායෝගික බෞද්ධකම.
බුදුදහම යොදාගෙන රටේ ජනාධිපති අගමැති හෝ ඇමතිවරු වීමටවත් අවස්ථාවාදී ලෙස බුදුදහම ප්‍රයෝජනයට ගැනීමට වත් නෙවෙයි ප්‍රායෝගික බෞද්ධයෙක් කියන්නේ.
අද බුදු දහම හැම අතකින්ම අභියෝග රැසකට මුහුණ දීලා තිබෙනවා.ඇතැම් පළාත්වල විහාරස්ථාන වැසී යනවා.බංකොලොත් රටක් ඇතුලේ ඇතුළේ ජීවත් වෙන දායක දායිකාවන්ට තිබෙන බොහෝ ප්‍රශ්න හේතුකොටගෙන ඔවුන් වෙතින් ඉටුවිය යුතු යුතුකම් බොහෝ අවස්ථාවල ආර්ථික ප්‍රශ්න නිසාම මඟ හැරෙනවා.ගෞරවනීය මහා සංඝ රත්නයට දායක දායිකාවන් ගෙන් ඉටුවිය යුතු මෙහෙවර ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩුවෙමින් ක්‍රමක් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින්නේ මේ ආර්ථික වශයෙන් තිබෙන දැඩි ප්‍රශ්න නිසා.
මෙවැනි මොහොතක මොකක්ද සිදුවිය යුත්තේ.
සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවුන් වහන්සේලා වන මහා සංඝරත්නය සුරක්ෂිත කිරීම උන්වහන්සේලාට අතහිත දීම සහ විහාරස්ථාන නගා සිටුවීමට කටයුතු කිරීම තමයි මේ වෙලාවේ සිදුවිය යුත්තේ.
පියාගේ ආභාෂයෙන් සසුනට අරුණ හරහා අපි කිසියම් වැඩ කොටසක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කරගෙන යනවා.ජනාධිපති අගමැති මැති ඇමති තනතුරු තබාගෙන නෙවෙයි ඒවා ඉටු කරන්නේ.
මේ කෙටි කාලය තුළ රට පුරාම ත්‍රයිනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් චෛත්‍යරාජයානන් වහන්සේලා පමණක් දොළොස් නමක් ඉදිකොට තිබෙනවා.රජයේ මුදල් වලින් තොරව ශ්රද්ධාවන්ත බෞද්ධ දානපතියන්ගේ ශක්තිය ඇති ව රට පුරා චෛත්‍යරාජයානන් වහන්සේලා දහසක් ඉදි කොට ඉදිකොට සසුනට පූජා කිරීම තමයි අපගේ ඒකායන බලාපොරොත්තුව.
රටේ දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම,සිසු දහම් සෙවන,වැනි වැඩසටහන් හරහා අපි සම්බුද්ධ ශාසනයට මෙහෙවරක් ඉටු කරන්නට උත්සාහ ගන්නවා.සියලුම ආගම් නියෝජනය කරමින් දහම් පාසල් ශාලා දහසක් ඉදිකිරීමේ ඉදි කිරීමේ වැඩපිළිවෙළ අපි ආරම්භ කොට තිබෙනවා. අටමස්ථානය සොලොස්මස්තානය හරහා රට පුරා ඉදි වී ඇති සිද්ධස්ථාන ගොඩනැංවීමේ වැඩපිළිවෙළ අපි ඉටු කරනවා.
සැබෑ ප්‍රායෝගික බෞද්ධයන් විශාල පිරිසක් බුදු දහම ගොඩ නැංවීම වෙනුවෙන් විශාල කටයුත්තක් සිදු කරද්දී සුළුතරයක් වූ ඇතැම් කුමන්ත්රණකාරී පිරිසක් ඔවුන්ට චෝදනා එල්ල කරමින් ඒ මෙහෙවර අඩපණ කිරීමට කටයුතු කරනවා.
ප්‍රායෝගිකව බුදුදහම නැංවීම වෙනුවෙන් මොනතරම් මෙහෙවරක් ඉටු කළත් ඔවුන්ට එරෙහිව අවලාද නගමින් විවිධ අයථා චෝදනා එල්ල කිරීමේ කුමන්ත්‍රණයක් දිගින් දිගටම සිදුවෙමින් තිබෙනවා.
ඒක පුද්ගලයින් ඉලක්ක කරගෙන කරනු ලබන කුමන්ත්‍රණයක්.
මට මතකයි මගේ පියාණන් නිරන්තරයෙන් විහාරස්ථාන වලට ගියා.ප්‍රායෝගික බෞද්ධයෙක් විදිහට ඒ විහාරස්ථාන ගොඩනගන්න ගොඩනඟන්න සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කරන්න දායක වන අතර එතුමා ඒ යන සෑම විහාරස්ථානයකට ම මල් පහන් පූජා කරන්නත් සහභාගි වුණා.එදා එතුමාට විවිධ අපහාස උපහාස කළා.එතුමට විවිධ නම් පටබැන්දා.මල් පහන් පූජා කිරීම පවා වරදක් විදිහට ඇතැම් කුමන්ත්රණකාරීන් දැක්කා.
බුදු දහම වෙනුවෙන් සිදු කරන සේවය අඩපණ කරන්න මඩ ගහලා කුමන්ත්‍රණ කරලා බොරු චෝදනා එල්ල කරලා මොන තරම් උත්සාහ කළත් ඒ කුමන්ත්රණකරුවන්ට එදා ඒක කරන්න පුළුවන් වුණෙත් නැහැ වුනෙත් නැහැ අද කරන්න පුළුවන් වෙන්නෙත් නැහැ.
මට සමහරු කතා කරලා අහනවා මොකටද චෛත්‍යය ඉදි කරන්නේ,මොකටද දහම් පාසල් ගොඩනැගිලි ඉදි කරන්නේ,මොකටද මහා සංඝරත්නයට උදව් කරන්නේ කියලා.
එහෙම කියන ගමන් මේ පිරිසිදු බෞද්ධ අපි අ බෞද්ධයෝ බවට පරිවර්තනය කරලා මඩ ගහන්න මේ කුමන්ත්‍රණකරුවෝ උත්සාහ කරනවා.අපි ඒ කුමන්ත්රණකරුවන්ට කියනවා එහෙම මඩ ගහලා,එහෙම චෝදනා කරලා මම හෝ බිරිඳ හෝ මේ සම්බුද්ධ ශාසනයට කරන මෙහෙවර නතර කරන්න කිසි කෙනෙකුට පුළුවන් කමක් නැහැ.අපි තුළ ඒ තරම් අධිෂ්ඨානයක් තියෙනවා. සැලෙන්නෙත් නැහැ ,හෙලවෙන්නෙත් නැහැ.
නමුත් අපි මේ රටේ ජනතාවට කියනවා,මේ කුමන්ත්‍රණකරුවෝ මඩ ගහන්නේ කයිවාරුවක් නැතිව මෙරට සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අවංකව ප්‍රායෝගිකව වැඩ කරන වරදට.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා තව සුවිශේෂී දෙයක් කළා.ඒ තමයි මේ රටේ බුද්ධ ශාසනයට ප්රමුඛ තැනක් ලබා දෙන අතරේ අනෙක් සෙසු සියලු ආගම් දර්ශනයන් වලටත් නිසි තැනක් ලබාදිය යුතුයි කියන දේ.ඒ ඒ අයගේ සංස්කෘතිය ඒ ඒ අයගේ දර්ශනය සුරක්ෂිත කරගැනීම කරගැනීම සහ ඔවුන්ට ඒවා නිදහසේ පිළිපැදීමේ අයිතියට ගරු කළ යුතු බව එතුමා විශ්වාස කළා.ගම් උදා බොහෝ මී වල විහාරස්ථාන චෛත්‍ය ඉදි කරනවා වගේම විවිධ ප්‍රදේශවල ඒ ඒ සංස්කෘතීන්ට අනන්‍යතාවයන් ට ගැලපෙන සිද්ධස්ථාන ගොඩනැංවීම වෙනුවෙනුත් එතුමා ඇප කැප වුණා.
රට තුළ බෞද්ධ විරෝධී බලවේග ඉස්මතු වන විට ඒවා සමනය කරන්නට සහ තත්ත්වය සන්සුන් කරන්නට අපට හැකියාවක් නැත්නම් එය තමයි බුදු දහමට බුදුදහමට එල්ලවන බරපතළම අභියෝගය වන්නේ.
අපි අනාගත පාලනයක් තුළ දස රාජධර්ම කේන්ද්‍ර කරගත්ත පාලන ක්‍රමයක් අපි ස්ථාපිත කරනවා.එය රට පාලනය කිරීමක් නෙවේ රටට ජනතාවට සේවයක් ඇරීමේ දේශ සේවයක්.
සමහරු අවස්ථාවාදී ලෙස කටකථා යවනවා මගේ බිරිඳ දේශපාලනයට එනවා කියලා.මගේ නැගණිය, මගේ මව, මගේ නැන්දණිය සහ මගේ පවුලේ අය දේශපාලනයට එනවා කියලා කටකතා යවනවා.එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ.මේ රටේ පවුල්වාදී දේශපාලනයට කිසිම තැනක අපේ ඉඩක් නැහැ.
හැබැයි ඒ අයට අයිතියක් තියෙනවා තමන්ගේ හැකියාවන් ශක්තිය උපයෝගී කරගෙන සමාජ සේවය කරන්නට.සමාජ සේවය කරනවා කියන්නේ ඡන්දය ඉල්ලීමක් වත් මන්ත්‍රීවරයෙක් මැති ඇමැති වරයෙක් වීමක් වත් නෙවෙයි.
මට මතකයි ජේ ආර් ජයවර්ධන මහත්මයාගේ කාලේ මේ රටේ ක්‍රියාත්මක උන සේවා වනිතා ඒකකය භාරව කටයුතු කළේ එතුමාගේ දයාබර මැතිණිය.මගේ මවත් ඊට සම්බන්ධ වුණා.
ජනාධිපතිවරු අගමැතිවරු මැති ඇමතිවරු කියන්නේ මේ රටේ ජනතාවගෙන් පඩි ලබන සේවකයෝ.ඊට පෙරළා අපට කළහැකි සියලු දේ කිරීම අපගේ වගකීමක් වෙනවා.
අනූ හතරේ න් පස්සේ සේවා වනිතා ඒකකය අක්‍රීය වුණත්.අපි බිහි කරන අනාගත රජයක් තුළ සේවා වනිතා ආකෘතිය මුල් කරගත්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා.ඒ අනුව මැති ඇමතිවරුන්ගේ බිරින්දෑවරුන්ට වැටුප් නොලබන සේවයක් මහජනතාව වෙනුවෙන් ඉටු කිරීමට අවස්ථාව සලසා දෙනවා.
පවුල්වාදය කේන්ද්‍රගත කරගෙන කරපු අමනෝඥ වැඩ පිළිවෙලවල් නිසා අද මුළු රටම බංකොලොත් වෙලා.රටේ ලක්ෂ දෙසිය විස්සම දුප්පත් වෙලා.අද පාලකයෝ කැට හොල්ල හොල්ල ලෝකෙ වටේ ගොස් හිඟා කන මට්ටමට පත්ව තිබෙනවා.
හොඳ දේ කරනකොට ඒකට දොස් නැගීම අපේ රටේ සිරිතක් වෙලා තියෙනවා.
බුදුරජාණන් වහන්සේ ධම්ම පදයේ මෙහෙම දේශනා කරනවා.
“න පරේසං විලෝමානි
න පරේසං කතා කතං
අත්තනොව අවෙක්ඛෙය්‍ය
කතානි අකතානි ච “
අනුන් කළ නොකළ දේ ගැන නොසොයමු. තමා කළ යුතු නොකළයුතු දේ ගැනම සොයමු.
අභියෝග එල්ල කරන,චෝදනා කරන,අවලාද නඟන කිසිම කෙනෙක් එක්ක අපි තරහා නැහැ.මඩ ගැසීම් ඔබේ පුරුද්ද නම් වැඩි වැඩියෙන් මඩ ගසන්න.චරිත ඝාතනය ඔබේ පුරුද්ද නම් වැඩි වැඩියෙන් චරිත ඝාතනය කරන්න.තව තවත් වැඩියෙන් ධෛර්ය සම්පන්නව ඒ විවේචන කරන්න.ඒ විවේචන කරන්න කරන්න අපි ශක්තිමත් වෙනවා.අභියෝග එල්ල කරන්න කරන්න,ගල් මුල් ගහන්න ගහන්න අපි අපේ ගමනෙ අඩිතාලම ශක්තිමත් කර ගන්නවා.
අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කධරියං දානේන
සච්චේන අලිකවාදිනං
ක්‍රෝධ කරන කෙනාව ජයගත යුත්තේ ක්‍රෝධ නොකිරීමෙනු යි.
අයහපත් ගුණැති කෙනාව ජයගත යුත්තේ යහපත් ගුණවලිනු යි. මසුරු තැනැත්තා ව ජයගන්ට තිබෙන්නේ දන් දීමෙනු යි. බොරු කියන කෙනාව ජයගන්ට තිබෙන්නේ සත්‍යවාදී වීමෙනු යි කියලා ධම්ම පදයේ එනවා.
බොරුවට වංචාවට කපටිකමට චරිත ඝාතනයට වැඩි ආයුෂ නෑ.මාත් මගේ බිරිඳත් සසුනට අරුණ හරහා ඉටු කරන මෙහෙවර නතර කරන්න කිසිම ජගතෙකුට බැරි බවත් කියන්න ඕන.ඒ වගේම කියන්න කැමතියි රට තුළ ආගමික සංහිදියාව ජනතාව අතර සමගිය,ආගම් අතර සමගිය අපි පවත්වාගෙන යා යුතුයි.සම්බුද්ධ ශාසනයට ලබාදෙන උත්තරීතර ස්ථානය රැක ගනිමින් සෙසු සියලු ආගම් ද රැක ගනිමින් අප ඉදිරියට යා යුතුයි.භාෂණයේ නිදහස අපි පිළිගන්නවා සහ ඊට ගරු කරනවා.හැබැයි භාෂණයේ නිදහසට මුවා වෙලා ආගම් සහ ජාතීන් අතර ඇති සංහිදියාව බිද දමන්න කිසිවකුට ඉඩ දෙන්නට බැහැ.






















