රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තරම් රාජ්‍ය තාන්ත්‍රිකව ලෝකය සමග ගනුදෙනු කළ හැකි තවත් නායකයකු නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි .ආසියානු කලාපය ඉන්දු-චීන සම්බන්ධතා සහ යුරෝපීය සම්බන්ධතා සමාන කර ගනිමින් ශ්‍රී ලංකා අවශ්‍ය කරන ආධාර ලබාගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන වික්‍රමසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදය ඉන්දියාව චීනය ඇතුළු සෙසු බලවත් රටවල් සමග ද ඉතා සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බවත් විදෙස් රටවලින් ඉතා හොඳ ප්‍රතිචාර ශ්‍රී ලංකාවට ලැබෙමින් පවතින බවත් වජිර අබේවර්ධන මහතා විසින් පෙන්වා දෙන ලදී .වජිර අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික්කයේ කරණ්දෙනිය සහ අම්බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශ වල බල මණ්ඩල රැස්වීම් අමතමිනි.






















