Monday, November 9, 2026
HomeNEWS විපක්ෂයට අරමුණක් නැහැ, හැමදේටම බනිනව-අමාත්‍ය ප්‍රසන්න රණතුංග.

 විපක්ෂයට අරමුණක් නැහැ, හැමදේටම බනිනව-අමාත්‍ය ප්‍රසන්න රණතුංග.

    අමාත්‍ය ප්‍රසන්න රණතුංග

 පාර්ලිමේන්තුව නියෝජනය කළ 225ම රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුධයට අඩු වැඩි වශයෙන් දායක වෙලා තිබෙනවා…

 ඒ නිසා එක රජයකට විතරක් බැනලා වැඩක් නැහැ…

 විපක්ෂයට අරමුණක් නැහැ, හැමදේටම බනිනවා…

        අමාත්‍ය ප්‍රසන්න රණතුංග

කාලයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කළ 225ම රටේ ඇතිව තිබෙන ආර්ථික අර්බුධයට අඩු වැඩි වශයෙන් ඒ සඳහා දායක වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා පවසන්නේ එබැවින් මේ සම්බන්ධයෙන් එක රජයකට පමණක් බැනීමෙන් ඵලක් නොමැති බවයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අද (6) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය,

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, සෙනසුරාදා විපක්ෂයේ අයගේ කතා කැපුවා. ඊට පස්සේ මහින්ද අමරවීර මැතිතුමාගේ උත්සවයට ගිහිල්ලා ජනාධිපතිතුමා කිව්වා රටේ ප්‍රශ්න විසඳන්න විරුද්ධ පක්ෂයට එකතුවෙන්න කියලා. රට බංකොලොත් වීම සම්බන්ධයෙන් හේතු හොයන්න පත්කරන කාරක සභාවේදීවත් තමන් හරිම අවංක බව ජනාධිපතිතුමාට පෙන්වන්න පුළුවන්. ආණ්ඩුවට යන්න බලාගෙන ඉන්න අය මෙහේ ඉඳගෙන ලකුණු දාගන්න හදනවා. ඒ නිසා මේක අවංකව කරනවා නම් කරමු. නැත්නම් අතහැරල දාමු.

පත්කළ මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් (ශ්‍රී.පො.පෙ) – ගරු කතානායකතුමනි, මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම වැඩිමී වැළැක්වීම සඳහා කාරක සභාව යෝජනා කළේ ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා. නමුත් ඒ නම ඇතුළත් වෙලා නැහැ. මේ නම් යෝජනා කරන්නේ පක්ෂ නායක රැස්වීමේදි කියල ඔබතුමා කිව්වා. නමුත් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනාට පක්ෂ නායක රැස්වීමේ නියෝජනයක් නැහැ. ඒන නිසා එතන දේවල් ගැන අපි දැනුවත් නැහැ. පක්ෂ නායක රැස්වීමේ ප්‍රමාණය වැඩිකරන්න විපක්ෂ නායකතුමත්, සභානායකතුමත් එකඟ වුණා. නමුත් ඒ එකඟතාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ ගැන අපි කණගාටු වෙනවා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග (ශ්‍රී.පො.පෙ) – මේ රට ආර්ථික අර්බුධයකට පත්වෙලා තිබෙන අවස්ථාවේදි උදවු කරන්න කියල විපක්ෂයට ආරාධනා කළා. නමුත් ඇතැම් අවස්ථාවලදී විපක්ෂය තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. බදු අඩු කළාමත් බනිනවා. වැඩි කළාමත් බනිනවා. ඒ ගොල්ලන්ට අරමුණක් නැහැ. රටේ ආර්ථික අර්බුධය ගැන එක රජයකට විතරක් නෙවෙයි, පසුගිය කාලයේදී මේක නියෝජනය කළ 225ම අඩු වැඩි වශයෙන් දායක වෙලා තිබෙනවා. ඒ නිසා හොරාගේ අම්මගෙන් පේන අහලා වැඩක් නැහැ. මේක විවාදයකට ගන්නේ නැතුව සභාවේ වැඩටික කරගෙන යමු කියලා මම ඉල්ලීමක් කරනවා.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img