Monday, November 9, 2026
HomeNEWSනවීන වැඩ ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සදහා වන දළ පනත් කෙටුම්පත...

නවීන වැඩ ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සදහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට.

නවීන වැඩ ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සදහා වන දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට

නවීන වැඩ ලෝකයට ගැලපෙන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන මහජන අදහස් ලබාගැනීමේ සැසිවාරයන්හිදී ඉදිරිපත්වූ යෝජනාවන් සැලකිල්ලට ගනිමින් සකස් කළ ඒකාබද්ධ කම්කරු නීති පද්ධතියක් සදහා වූ දළ පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාව වෙත (06) දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් මෙම දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කරනු ඇත.

ඒකාබද්ධ කමිකරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන දළ පනත් කෙටුම්පත ප්‍රසිද්ධියට පත් කිරීමට පෙර කම්කරු උපදේශක සභාව වෙත ඉදිරිපත් කරන බවට අමාත්‍යවරයා සහතික වී තිබූ අතර ඒ අනුව හෙට දිනයේදී එම පනත් කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කෙරේ.

ඉන් පසුව මෙම දළ පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කැබිනට් අනුමැතිය ලබාගැනීමට නියමිතය. කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් පසුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට දළ කෙටුම්පත යොමු කරන අතර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් මූලික කෙටුම්පතක් සකස් කර අමාත්‍යාංශයට යොමු කරනු ලබයි. එයට අමාත්‍යාංශයේ නිරීක්ෂණ යොමු කිරීමෙන් පසුව අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කෙදර්. ඉන් පසුව භාෂා තුනටම පනත් කෙටුම්පත පරිවර්තනය කරන අතර එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද යන්න සලකා බැලීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරේ. නීතිපතිවරයාගේ නිරික්ෂණද ලබාගැනමෙන් පසුව පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලටය යොමු කර අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇත.

පනත් කෙටුම්පත සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීමෙන් පසුව රජයේ මුද්‍රණාලාධිපතිවරයා වෙත යොමු කරන අතර එය මුද්‍රණය කිරීමෙන් පසුව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමු කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img