Monday, November 9, 2026
HomeNEWS175%කින් ඉහළ දැමූ බැංකු ණය පොලී අනුපාතය 75%කින් අඩු වෙලා..මුදල් රාජ්‍ය අමාත්‍ය...

175%කින් ඉහළ දැමූ බැංකු ණය පොලී අනුපාතය 75%කින් අඩු වෙලා..මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කියයි.

175%කින් ඉහළ දැමූ බැංකු ණය පොලී අනුපාතය 75%කින් අඩු වෙලා..
වැණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල ණය පොලී අනුපාත කඩිනමින් පහතට..

  • මුදල් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය කියයි..

ආර්ථික ප්‍රසාරණයට රුකුලක් වෙමින් මහ බැංකුව ණය සහ තැන්පතු පොලී අනුපාතය තව දුරටත් පහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා සඳහන් කරන්නේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා බැංකු කටයුතු කෙරෙහි ජනතාවගේ සහභාගීත්වය මේ අනුව ඉහළ යනු ඇති බවයි.

ආර්ථික අර්බුදයත් සමග ණය පොලී අනුපාතය 16.5% දක්වා ද තැන්පතු පොලී අනුපාතය 15.5% දක්වා 175%කින් ඉහළ නැංවීමට මහ බැංකුව මීට පෙර පියවර ගත්තේ ය. පසුව රජය විසින් ගත් ආර්ථික තීරණවල ප්‍රතිඵල මත එම පොලී අනුපාතය 2.5%කින් අඩු කිරීමට හැකි විය. ඒ අනුව ණය පොලී අනුපාතය 14% දක්වා ද තැන්පතු පොලී අනුපාතය 13% දක්වා ද පහළ ගියේ ය.
එහි තවත් පියවරක් ඉදිරියට යමින් පොලී අනුපාතය තවත් 2%කින් පහළ දමා තිබේ. ඒ අනුව ණය පොලී අනුපාතය 12%ත් ලෙස ද තැන්පතු පොලී අනුපාතය 11%ක් ලෙස ද පහළ ගොස් ඇත. ඒ අනුව එය පෙර පැවැති පොලී අනුපාත සමග සසඳන කල 75%ක පමණ පහළ යාමකි. සියඹලාපිටිය අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඒ අනුව යමින් කඩිනමින් වාණිජ බැංකු සහ මූල්‍ය ආයතන ද සිය පොලී අනුපාත පහත දමනු ඇති බවයි. බැංකු කටයුතු සඳහා ජනතාව මැදිහත් වීම ඉහළ යමින් ආර්ථිකය ප්‍රසාරණය වීම සඳහා එය මහත් රුකුලක් වනු ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img