චීනය – ශ්‍රී ලංකාව අතර තේ වෙළඳාම සහ ප්‍රවර්ධනය සඳහා පියවර
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා (2023.08.18) චීනයේ ප්‍රමුඛතම තේ ව්‍යවසාය වන යුනාන් සියාගුවාන් ටෝචාYunnan Xiaguan Tuocha (Group) Co., Ltd. හී නිරීක්ෂණ චාරිකාවක යෙදුනි. යුනාන්, ඩාලි හී පිහිටි මෙම කර්මාන්ත ශාලාව තේ අලෙවිය, නිෂ්පාදනය, සංවර්ධන හා පර්යේෂණ ද ඒකාබද්ධව කරනු ලැබේ.
තේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර කීර්තියක් හිමි Xiaguan Tuocha හා ශ්‍රී ලංකාව අතර තේ පර්යේෂණ කටයුතු පිළිබඳව සහයෝගීතාව ශක්තිමත් කිරීමේ හැකියාව පිළිබඳව එහි ප්‍රධාන විධායක හා තේ පර්යේෂකයින් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළේය.
මේ වන විටත් තලවකැලේ තේ පර්යේෂණ මධ්‍යස්ථානය සමඟ දත්ත සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගෙන ඇති යුනාන් Xiaguan Tuocha කර්මාන්ත ශාලාව ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන පර්යේෂණ සහ සංවර්ධනය සඳහා සහාය වීමට කැමැත්ත පළ කර ඇත.
තේ පර්යේෂණයේ සහයෝගීතාව පිළිබඳ වැඩිදුර සාකච්ඡා සඳහා කණ්ඩායමක් ශ්‍රී ලංකාවට එවන ලෙස අග්‍රාමාත්‍යවරයා ඔවුන්ගෙන් ඉල්ලීමක් කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය






















