Monday, November 9, 2026
HomeNEWSරජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක්-විෂයභාර...

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක්-විෂයභාර ඇමතිගෙන් උපදෙස්.

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක්…

  • විෂයභාර ඇමතිගෙන් උපදෙස්

රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ සියළුම අංශ ආවරණය වන පරිදි කඩිනම් වෝහාරික විගණනයක් සිදු කිරීමට යයි.

ඒ සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නැයි විෂය භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්දන් මහතාට ඊයේ (21) උපදෙස් දුන්නේය.

එමගින් ආයතනය තුළ ඇති අඩුපාඩු සියල්ල හෙළිදරව් කරගත හැකි බව පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තමේන්තුව වැනි ආයතනයක් නවීන ලෝකයට ගැලපෙන පරිදි දියුණු කිරීම සඳහා මෙවැනි විගණන පරික්ෂණයක් සිදු කිරීම අත්‍යාවශ්‍ය බවද කියා සිටියේය.

ඇමතිවරයා මේ උපදෙස් ලබා දුන්නේ රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමින් ආයතනයේ නිලධාරින් හා වෘත්තිය සමිති සමඟ ඊයේ (21) දින පැවැති සාකච්ඡාවේදීයි.
ප්‍රධාන ගබඩාව, වාත්තු අංශය, යාන්ත්‍රික අංශය, විදුලි අංශය, බර වෑද්දුම් අංශය සහ වඩු අංශයන්හි කටයුතු සිදුවන ආකාරය ද ඇමතිවරයා මෙහිදි නිරීක්ෂණය කළේය.

ආයතනයේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය සිදුකළ අතර ඉදිරි සැලසුම් හා ආයතනයේ පවතින ගැටළු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කෙරිණ.

ආයතනයේ ඉහළම නිලධාරියාගේ සිට ආයතනයේ පහළම සේවකයා දක්වා සියළු දෙනා සම්බන්ධ කර ගනිමින් කළමනාකරණ රැස්වීමක් මාසයකට සැරයක් පවත්වන ලෙසද ඇමතිවරයා විසින් මෙහිදී එහි සිටි නිලධාරින්ට උපදෙස් දුන්නේ ය. ඒ සෑම සාකච්ඡාවකටම ආයතනයේ සෑම වෘත්තිය සමිතියක්ම සම්බන්ධ කරගැනීම අනිවාර්ය බව ද ඇමතිවරයා කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා,
“මේ ආයතනයේ අපි විගණනයක් සිදු කරන්න ඕනේ. ඒක කරන්නේ මේ ආයතනයේ මිනිස්සුන්ගේ වැරැදි හොයන්න නෙමෙයි. ආයතනයේ අඩුපාඩු මොනවද කියලා බලන්නයි. වැරැදි සිද්ධ වෙලා තියෙනවා නම් හොරකම් කරලා තියෙනවා නම් ඒවාට දඩුවම් ලබන්නයි, දඩුවම් ලබා දෙන්නයි ඕනේ. මම කාවත් බේරන්න ලෑස්ති නෑ. ඒක ආණ්ඩුවේ මොන දේශපාලන පක්ෂයට, වෘත්තිය සමිති වලට හිතවත් අය වෙන්න පුළුවන්. ඒ විගණන වාර්තාව ආවට පස්සේ මටවත් මුකුත් කරන්න බෑ.

මේ ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට ගේන්න පුළුවන් ව්‍යාපාරික යෝජනාවක් සකස් කරන්න. මේ සියළු දේ කරන්නේ මේ ආයතනයේ උන්නතිය වෙනුවෙන්. ආයතනයට උන්නතියක් වෙනවා කියන්නේ සේවකයන්ට හොඳක් වෙනවා. ඒ කළමනාකරණ රැස්වීමේදී වෘත්තිය සමිති වලට පුළුවන් තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්න. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ අපේ ආයතන කිහිපයක් තියෙනවා ඉංජිනේරු සංස්ථාවට පසුගිය කාලේ සේවකයෝ බඳවා ගෙන විශාල ප්‍රමාණයකට පඩි ගෙවන්න ගිහින් දැන් එක පඩියක්වත් ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. එදා වෘත්තිය සමිති කෑ ගැහුවා නම් මේක ආයතනයට බරක් කියලා මේ ආයතනයට මෙහෙම වෙන්නේ නෑ. ඒත් ඔවුන් එහෙම කරලා නෑ. මම නම් සේවක බදවා ගැනීම් කරලා නෑ. මම දන්නවා දැන් ආයතනය තිබෙන තත්ත්වය. දේශපාලන අධිකාරිය ආවම යම් යම් බලපෑම් කරනකොට ඔබට හයියක් තියෙන්න ඕනේ සියළු දෙනා එකතු වෙලා මේකට විරුද්ධ වෙන්න. ආයතනයට සේවකයෝ බදවා ගෙන ඔවුන්ගේ රැකියා අහිමි වූණාම කවුද වගකියන්නේ. ආයතනයේ සේවකයෝ වැඩිනම් අවශ්‍ය අයව පමණක් තියාගෙන වැඩි අතිරික්තය වෙනත් දැනකට දාමු. මොකද පඩි ගෙවන්න වෙන්නේ ඔබගේ ආදායමෙන්. වියදම් අඩු කරලා ලාභ වැඩිකරන තත්ත්වයක් ගැන හිතන්න. මම මගේ අදහස ඉදිරිපත් කරනවා. මම රාජ්‍ය ඇමතිතුමාට කියන්නේ මේ දේ සංශෝධනවලට ගිහින් මේ අදහස වැඩි දියුණු කරලා වැඩ පිළිවෙලක් හදන්න පුළුවන්. අපි ඉන්නේ ප්‍රතිපත්ති තීන්දු හදලා ඔබට උදව් කරන්නයි.”

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්දන්, රජයේ කර්මාන්ත ශාලා දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආනන්ද විජේසිංහ ඇතුළු එහි නිලධාරින් සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img