ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටිනවා…
- මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
ශ්‍රී ලංකාව වේගවත් ආර්ථික ස්ථාවරත්වයක් කරා ගමන් කරමින් සිටින බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නකනිෂි යුසුකේ මහතා ප්රමුඛ ජපාන උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික පිරිසක් සහ මෙරට ජපාන තානාපති මිසුකොශි හිදෙකි මහතා ඇතුළු දූත පිරිසක් සමඟ අද මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවේ දීය.
ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වය හා ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ වර්තමාන ප්‍රගතිය පිළිබඳව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන සහයෝගය තුළ යළිත් ආර්ථික කඩා වැටීමක් සිදු නොවන බවට රජය තුළ ඇති දැක්ම කෙරෙහි ජනතාව විශ්වාසය ගොඩනඟා ගනිමින් සිටින බවයි.
නකනිෂි යුසුකේ මහතා ප්රමුඛ ජපාන උත්තර මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික පිරිස සහ මෙරට ජපාන තානාපති මිසුකොශි හිදෙකි මහතා විසින් අදහස් දක්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි නඟා සිටුවීමටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමටත් ජපානය සෑම විටම සිය සහයෝගය ලබා දෙන බවයි.
මාලදිවයින් මූල්‍ය අධිකාරියේ (MMA) අධිපති අලි හෂිම් මහතා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා හමුවෙයි…






















