හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් ලෙස වසර 14 ක පමණ කාලයක් කටයුතු කළ කුමාරසිරි හෙට්ටිගේ මහතා පවත්නා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සුදානම් නායකයකුට සහාය දීමට තීරණය කර ඇත .
අනාගත දේශපාලනය කෙසේ දැයි විමසූ හිතවත් පිරිසකට හෙට්ටිගේ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ .
වත්මන් අප්‍රසන්න දේශපාලන තත්වය කිසිසේත් රටේ යහ පැවැත්මට සුදුසු නොවන බවත් පවුල් වාදයෙන් දුෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ඉක්මනින් රටට අවශ්‍ය වී ඇතැයි ද සඳහන් කර ඇති හෙට්ටිගේ මහතා එහි වගකීම බාර ගැනීමට සුදානම් නායකයාට සහාය දීම වගකීමක් හා යුතුකමක් යැයි ද හෙට්ටිගේ මහතා තම හිතවත් දේශපාලන මිතුරන්ට වැඩිදුරටත් කියා ඇත .
මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඇති සම්බන්දය කෙසේදැයි කළ විමසුමකදී කුමාරසිරි හෙට්ටිගේ මහතා කියා ඇත්තේ මිනිසුන් විසින් පිළිම නෙලා ගරු බුහුමන් කළ යුතු ව තිබූ මිනිසෙකු පවුලේම පිරිසක් නිසා ඒ සිහිනය බොඳ වී ගොස් අති බවය .






















