Monday, November 9, 2026
HomeNEWS‘විගණන වාර්තා වල තිබෙන දුෂණ වංචා වල සල්ලි ටික එකතු කළොත් වසරක...

‘විගණන වාර්තා වල තිබෙන දුෂණ වංචා වල සල්ලි ටික එකතු කළොත් වසරක ආදායම හොයා ගන්න පුලුවන්‘‘අශෝක අබේසිංහ.

‘විගණන වාර්තා වල තිබෙන දුෂණ වංචා වල සල්ලි ටික එකතු කළොත් වසරක ආදායම හොයා ගන්න පුලුවන්‘‘

රජය පුරෝකතනය කරන බිලියන 3400 ක බදු ආදායමෙන් බිලියන 3000 ක්වත් ආදායම නොලැබෙන බවත් මෙතෙක් ලංකාවේ වැඩිම රාජ්‍ය ආදායම ලැබී ඇත්තේ බිලියන 1980 ක් බවත් නමුත් රටේ වියදම විශාල ලෙස වැඩි වී ඇති බවත් විගණන වාර්තා වල තිබෙන දුෂණ වංචා වල සල්ලි ටික එකතු කළොත් වසරක ආදායමට ඊට වඩා වැඩි කර ගැනීමට හැකි වන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක අබේසිංහ මහතා පැවැසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (22) පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අශෝක අබේසිංහ මහතා පැවසුවේ. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් තියන්න බියක් දක්වන බවත් ආණ්ඩුව මහ මැතිවරණයක් තියන්න බියක් දක්වන බවත් විවිධ උප්පරවැට්ටි යොදමින් මැතිවරණය කල් දැමීමට රජය උත්සහ කරන බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අශෝක අබේසිංහ මහතා මෙසේ පැවැසීය.

‘‘වර්තමාන ආණ්ඩුව බලයට පත්වුණේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා. නීතිගරුක සමාජයක් ඇති කරනවා කියලා. නමුත් අද රටේ ජනතාව අනාරක්ෂිත තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. දින පතා වෙඩි තැබීම් සිදුවෙනවා. මේක භායානක තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. රට දැන් චිකාගෝවක් බවට පත්වෙලා.ආණ්ඩුව ඇස් පියාගෙන මේ ගැන බලාගෙන ඉන්නවා. මේ සඳහා නිසි ක්‍රියාමාර්ග ගන්න බවක් පෙනෙන්නට නෑ. මේ නිසා රටේ ජනතාව භීතියෙන් ජීවත් වෙනවා. රටේ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් වර්තමාන ආණ්ඩුව ඇති කරලා තියෙනවා. ඒවැනි තත්ත්වයක වර්තමාන ආණ්ඩුව ජනතාවට ජීවත් වීමේ අයිතියත් නැති කරලා තියෙනවා. වහාම ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් තියන්න කියලා අපි ආණ්ඩුවට කියනවා.

ජනාධිපතිවරයා ජනාධිපතිවරණයක් තියන්න බයයි. මොකද පරදින බව දන්න නිසා. ආණ්ඩුව මහ මැතිවරණයක් තියන්න බයයි. පරදින බව දන්න නිසා. මොවුන් විවිධ උප්පරවැට්ටි යොාදනවා මැතිවරණය කල් දාන්න. වජිර අබේවර්ධන කියනවා අයවැයේදී ජනාධිපතිවරණයකට මුදල් වෙන් කළොත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ගේන්න මුදල් නෑ කියලා. එහෙම තියෙද්දි අරගයෙන් විනාශ වුණ මන්ත්‍රී නිවාස වලට කෝටි 150 කට ආසන්න මුදලක් වන්දි දිලා තියෙනවා.
මැතිවරණ තියන්න මුදල් නෑ කියලා. ආණ්ඩුවේ හෙන්චයියන්ට මුදල් ලබාදෙනවා.

එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල රැස්වීමේදී ජනාධිපති කියනවා මැදි ආදායම් රට වලට ලෝකයේ රටවල් ආධාර ලබාදෙන්න ඕන කියලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ කියනවා.
ලෝකයේ රටවල් වලින් ආධාර අරගෙන ලංකාව සංවර්ධනය කරනවා කියලා. කරුණාකරලා ඒ මුදල් ලබාදෙන්න කියලා කියලා ජනාධිපතිවරයා ආයාචනා කරනවා. ජනාධිපතිවරයා රාජ්‍ය නායකයන් සමඟ පින්තුර අරගෙන අපේ රටේ මිනිස්සුන්ව රවට්ටනවා.

2016 රනිල් වික්‍රමසිංහ කියනවා 2020 රට ණය බරින් නිදහස් කරනවා කියලා. 2020 රටේ තිබුණ ණය ප්‍රමාණය ට්‍රිලියන 13 ක් 2015 තිබුණේ ණය ප්‍රමාණය ට්‍රිලියන 7.5 යි. අද වෙද්දි රටේ ණය ප්‍රමාණය ට්‍රිලියන 27 යි. රනිල් වික්‍රමසිංහගේ ඔලුවට එන සංකල්ප ගැන කියනවා නමුත් වැඩපිළිවෙලක් නෑ. ආණ්ඩුව මුල් මාස 8 දී කෝටි පන්ලක්ෂ 63200 ක් ණය අරගෙන තිබෙනවා. පොලිසිය කෝටි 46000 ක් ගෙවනවා. පසුගිය අවුරුද්දේ රටේ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක කෝටි 68600 ක රත්තරන් බඩු උකස් කරලා තියෙනවා.

රටේ ජනගහනයෙන් මිලියන 12 ක් බහුමාන අවදානමක සිටින බව ලෝක බැංකුව කියනවා. සියයට 33.4 ක් කෑම කන්නේ ණය වෙලා. 48.8 කට හදිසි අපදාවකදී මුහුණ දෙන්න විදිහක් නැ.

වජිර අබේවර්ධන කියනවා 2030 වනවිට රට සම්පුර්ණයෙන් ණයෙන් නිදහස් කරනවා කියලා. ජනාධිපති කියනවා 2030 වනවිට රටේ සමස්ත දල දේශීය නිෂ්පාදන ණය සියයට 95 දක්වා අඩුකරනවා කියලා. දැන් රටේ සමස්ත දල දේශීය නිෂ්පාදන ණය සියයට 135 ක්. පරස්පර විරෝධී කතා.

රටේ බංකොලොත් භාවය හොයන කොමිසමෙන් අපි අයින් වුණා. මොකද ඒක හොරාගෙ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක්. ඒ කොමිසමේදී වජිර අබේවර්ධන සාක්ෂි දෙනවා මහ බැංකුව ස්වාධීන කරන එකට විරුද්ධව. වජිර අබේවර්ධන රටේ බංකොලොත් භාවය හොයන කොමිසමට ඇවිත් කියනවා රටේ බංකොලොත්භාවයට වගකිව යුත්තේ වර්තමාන මහ බැංකු අධිපතිවරයා කියලා.

ජාත්‍යන්තර මුදල්‍ය අරමුදල කියනවා මහ බැංකුව ස්වාධීන කරන්න කියලා. ස්වාධීන කළ යුතුයි කියලා ඡන්දය දීලා මහ බැංකුව ස්වාධීන කරන එකට විරුද්ධව කොමිසමට ඇවිත් පවසනවා. ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට හමුවෙන්නේ තුන්වෙනි තැන.ආණ්ඩුවට මන්ත්‍රීධූර 50 ක් වත් එන්නේ නෑ. වහාම මැතිවරණයක් පවත්වන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 1794 ක් අස්ථාන ගතවෙලා කියලා විගණන වාර්තාවක තිබෙනවා. 2023 සිදුකළ විගණනයට අනුව තොරතුර හෙළ නොකළ වාහන 2299 ක් සහ යතුරු පැදි 2795 ක් ක තොරතුරු විගණනයට හෙළි කරලා නෑ. 2023.09 මාසය වෙද්දී විගණන වාර්තා 71 කට සෞඛ්‍ය අමාත්‍යාංශය පිලිතුරු දීලා නෑ.

එක් පුද්ගලයෙකුට ජීවත් වෙන්න රුපිවල් 532 ක් අවශ්‍යයි කියලා ආණ්ඩුව කියනවා. එක් පුද්ගලයෙකුට මාසයක් ජීවත් වෙන්න රුපියල් 15.960 ක් අවශ්‍ය වෙනවා. එක පවුලක 4 ක් ඉන්නවා. පවුලේ හතර දෙනෙක් ඉන්න පවුලකට මාසෙකෙට ක් 63.840 ක් වැයවෙනවා. ළමයි පාසල් යන්න ඕන,ලයිට් බිල් ගෙවන්න ඕන. වතුර බිල් ගෙවන්න ඕන. මේ සියල්ල මේ මුදලින් සිදුකරන්න බැ. රටේ ජනතාවට ප්‍රශ්න නැ වගේ ජනාධිපති විදෙස් සංචාරවල නිරත වෙනවා.

ලංකාවේ 3 වතාවයි අර්ථිකය සෘණ වෙලා තියෙන්නේ. 2002දී
චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ ආර්ථිය සෘණ 2.6 ක් වුනා. 2020 දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ආර්ථිකය සෘණ 7.6 ක් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ ආර්ථිකය සෘණ 11.4 ක් බවට පත් වෙලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තියාගෙන ජනාධිපති රටවල් වලින් හිගා කනවා.

රටේ නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරන්නෙ නැතුව අපනයන වැඩි කරන්නේ නැතුව රට ඉදිරියට අරගෙන යන්න බෑ . මේ කිසි දෙයක් වැඩි කරන්න රජයට කිසිදු වැඩපිළිවෙලක් නෑ. ආණ්ඩුව කරන්නේ රටේ ලාභ ලබන ආයතන විකුනන එක. අණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට පොරොන්දු වෙලා තියෙනවා ආයතන 252 ක් ප්‍රතිව්‍යුහතගතකරනවා කියලා.

රට සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා කියලා පේන්නේ ණය ගෙවන්නේ නැති නිසා. ණය ගෙවන්නේ නැති වුණාව විදේශ සංචිත තිබෙනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල දෙවැනි වාරිකයත් ලංකාවට ලබාදෙයි ඉදිරියේදී

දේශීය ණය ප්‍රතිව්‍යුහතගතකරනවා කියලා.සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල සම්පුර්ණයෙන් තට්ටු කෙරුවා. වැඩ කරන ජනතාවගේ 24 ලක්ෂයක් සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදලට දායක වෙලා තියෙනවා.

ඩොලර් බිලියන 17 ක් විදේශ ණය කපා හැරලා ඩොලර් බිලිනය 20 ක ණයක් ගන්න හදනවා. එහෙම රටේ ප්‍රශ්න විසදන්න බෑ. එහෙම ගත්තෝත් අපිට විදේශ ණය ගෙවන්න තියෙනවා. විදේශ ණය ගෙවන්න තියෙනවා වසරකට ඩොලර් මිලියන 5 ත් 6 ත් අතර ප්‍රමාණයක්. සතයක්වත් ගෙවන්නේ නැතුව සංචිත රටේ සංචිත තිබෙන්නේ ඩොලර් මිලියන එකහමාරක් දෙකක් විතර. එහෙම තියාගෙන විදේශ ණය ගෙවන්න බෑ.

රටේ බුද්ධි ගලනයක් තියෙනවා. ක්ශ්‍රේත්‍ර වල ප්‍රවීණයන් රට තුළ තබා ගන්න පුලුවන් වාතාවරණයක් හදා ගන්න ඕන. මොවුන්ගේ වැටුපට සියයට36 ක බද්දක් ගහලා. ඔවුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවා.

රජය බදු ගහලා බලාපොරොත්තු වන ආදායමෙන් බිලියන 3000 ක්වත් ආදායම ලැබිලා නෑ. මෙතෙක් ලංකාවේ වැඩිම රාජ්‍ය ආදායම ලැබිලා තියෙන්නේ 2018 දී ඒ බිලියන 1980 යි. නමුත් රටේ වියදම වැඩිවෙලා තියෙනවා.

විගණන වාර්තා වල තිබෙන දුෂණ වංචා වල සල්ලි ටික එකතු කළොත් වසරක ආදායමට වඩා වැඩි වෙනවා. බැදුම්කර වංචාව වලින් හොරා කාපු සල්ලි ගන්න රාජපක්ෂවරු හොරා කාපු සල්ලි ගන්න වැඩපිළිවෙලක් නෑ. දුෂීතයන් එක්ක තමා ආණ්ඩුව ගෙනියන්නේ. රජයට කිසිදු අවශ්‍යතාවයක් නෑ දුෂිතයන්ට දඩුවම් දෙන්න. අලි පොහොට්ටු ආණ්ඩුව පලවා හරින්න ජනතාව සුදානම් විය යුතුයි.‘‘

ප්‍රශ්නය – ජනාධිපතිවරණයක් තියෙයිනේද?

පිළිතුර – 2024 ඔක්තෝම්බර් වල ජනාධිපතිවරණයක් තිබිය යුතුමයි. ව්‍යවස්ථාව අනුව

ප්‍රශ්නය – පලාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කරන්න නිර්දේශ කරලා තියෙනවා. එහෙම වුනොත් පළාත් පාලන ඡන්දයක් තියන් නැති වෙයිද?

පිලිතුර – ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වෙනකන් පළාත් පාලන මැතිවරණයක් තියන්නේ නැති වෙයි. පලාත් පාලන ඡන්දයේ නාමයෝජනා අවලංගු කරපු එක හොදයි. රජයේ සේවයන්ට අගතියක් වෙලා තියෙනවා. ඔවුන්ට රැකියාව කරන්න විදිහයක් නැ ඒ නිසා ඔවුන්ට සහනයක් සැලසෙනවා.

ප්‍රශ්නය – පාස්කු ප්‍රහාරය විපක්ෂය ඇදලා අරං තියෙන්නේ බුද්ධි අංශය විනාශ කරන්න කියලා උදය ගම්මන්පිල කියනවා.

පිළිතුර – ඡන්ද ලං වුණාම ජතිවාදය ආගම්වාදය අවුස්සන අය ඉන්නවා. ඔවුන්ට ආගම්වාදය ජාතියවාදය ඇවිස්සුවොත් තමයි ඡන්දය ගන්න පුලුවන්. පාස්කු ප්‍රහාරය ගැන එක එක්කෙනාට මත තියෙනවා. පාස්කු ප්‍රහාරය ගැන විදේශීය විමර්ශනයක් අවශ්‍යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img