Monday, November 9, 2026
HomeNEWSහැකියාවන් ඇති රැකියාවන් නොමැති තරුණ ප්‍රජාවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ආරාධනාවක්.

හැකියාවන් ඇති රැකියාවන් නොමැති තරුණ ප්‍රජාවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගෙන් ආරාධනාවක්.

හැකියාවක් ඇති රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායම් මාර්ගයක් හිමිකරීමේ වැඩසටහනින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙස නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලයි

හැකියාවක් ඇති රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායමක් හිමිවන ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙසත් ඒ සදහා පාර්ලිමේන්තුවේද උපරිම සහාය ලබාදීමට කටයුතු කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. එමඟින් උපරිම ප්‍රයෝජන ලබාගන්නා ලෙසද නියෝජ්‍ය කථානායකවරයා තරුණ ප්‍රජාවගෙන් ඉල්ලීමක් කළේය.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තරුණ කවය සංවිධානයේ සභාපති මහීන් දිසානායක, එහි උපදේශක සහ සණස බැංකුවේ සමිති සංවර්ධන ප්‍රධානී තුසිත වීරවර්ධන මහත්වරුන් අද (21) දින පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී හමු වු අවස්ථාවේදීය.
වයස අවුරුදු 18-30ත් අතර වයස් සීමාවේ පසුවන හැකියාවන් සහිත රැකියාවන් නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායමක් ලැබෙන ආකාරයට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
සංස්කෘතික, කලා, ක්‍රීඩා ඇතුළු විවිධ නිර්මාණ හැකියාවන් ඇති තරුණ තරුණියන්ට මාසික ආදායමක් ලැබෙන පරිදි ඔවුන් දැනුවත් කිරීම හා එම ආදායම් මාර්ග ලබාගැනීමට ඔවුන් යොමුකිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම තරුණ පිරිස් විවිධ වෘත්තීය පුහුණු සඳහා යොමු කිරීම මීට අමතරව කොරියානු, ජපන් භාෂා ඇතුළු විවිධ භාෂාවන් ඉගැන්වීම ඇතුළු අධ්‍යාපන කටයුතු ද මෙම වැඩසටහනට ඇතුළත් වීම විශේෂත්වයකි.

සති අන්තයේ මීට අදාළ පුහුණුවීම් ලබාදීමට නියමිත අතර මාස 06ක පුහුණුවක් ලබාදීමට නියමිතයි.
මෙම වැඩසටහන පිළිබඳව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ හා විරුද්ධ පක්ෂයේ ජනතා නියෝජිතයින් සහ පාර්ලිමේන්තුවේ අදාළ අංශ දැනුවත් කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
මෙම සියලු පුහුණුවීම් ඇතුළු උපදේශන සේවා නොමිලේ ලබාදෙන බව ශ්‍රී ලංකා තරුණ කවය සංවිධානයේ සභාපති මහීන් දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
මෙම වැඩසටහන සඳහා ජාතික තරුණ සේවා සභාවේද පුර්ණ සහයෝගය හිමිවන අතර මේ සඳහා එක්කරගන්නා පළමු කණ්ඩායමට තරුණ තරුණියන් 1000 ඇතුළත් කර ගැනීමට බලාපොරොත්තු වේ. එය ලබන මාසයේදී මහරගම ජාතික තරුණ සේවා සභාවෙන් ආරම්භ කිරීමට නියමිත බවද ශ්‍රී ලංකා තරුණ කවයේ සභාපති මහීන් දිසානායක මහතා සඳහන් කළේය.
මෙම වැඩසටහන දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් සිදු කිරීමට සැලසුම් කර තිබෙන බවත් හැකියාවන් සහිත රැකියා නොමැති තරුණ තරුණියන්ට මාසික ආදායම් මාර්ගයක් ලබාගැනීමට මෙය හොඳ අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා තරුණ කවය සංවිධානයේ උපදේශක සණස බැංකුවේ සමිති සංවර්ධන ප්‍රධානී තුසිත වීරවර්ධන මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය කථානායකතුමාගේ පෞද්ගලික ලේකම් විශ්‍රාමික මේජර් සරත් විපුලරාජ මහතාද සහභාගී වුයේය.
අදාළ ඡායාරූප E-mail සහ WhatsApp මඟින් එවා ඇත. වීඩියෝ දර්ශනද එවා ඇත.
මෙම ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු (0779964443)
ගරු නියෝජ්‍ය කථානායකතුමාගේ මාධ්‍ය ලේකම්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img