Monday, November 9, 2026
HomeNEWS''බුරුවෙක් වීරයෙක් කරලා රටට වුණ හානිය වගේ හානියක් කයියනායකලා ටිකක් ගෙනල්ලා නැවත...

”බුරුවෙක් වීරයෙක් කරලා රටට වුණ හානිය වගේ හානියක් කයියනායකලා ටිකක් ගෙනල්ලා නැවත ඇති කරගන්න එපා” – එස්.එම් මරික්කාර්.

”බුරුවෙක් වීරයෙක් කරලා රටට වුණ හානිය වගේ හානියක් කයියනායකලා ටිකක් ගෙනල්ලා නැවත ඇති කරගන්න එපා” – එස්.එම් මරික්කාර්

රටේ තරණ පිරිස ඉල්ලන සිස්ටම් චේන්ජ් කියන අරමුණ නැති නොකරගන්නා ලෙසත් ඒ් අරමුණට ගැලපෙන කණ්ඩායම තෝරගන්නා ලෙසත් ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් බුරුවෙක් වීරයෙක් කරලා රටට වුණ හානිය වගේ හානියක් කයියනායකලා ගෙනල්ලා ඇති නොකරගන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.

වලව් පන්තියේ නොවන සජිත් ප්‍රේමදාස රටේ නායකයා වෙයිද කියා රාජපක්ෂලා සහ වික්‍රමසිංහලා බියට පත්ව සිටින බවත් වලව් පන්තියට පාඩමක් ඉගැන්වීමට හැකියාවක් ලැබෙන්නෙ වලව් පන්තියේ නොවන කණ්ඩායමක් බලයට පැමිණියහොත් පමණක් බවත් මරික්කාර් මහතා කිය.

ඉදිරි දින 100 ඇතුළත ආණ්ඩුව කල්පනාකාරීව වැඩ නොකළහොත් ආණ්ඩුව‌ට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියා සිතා ගැනීමට නොහැකි බවත් ජනතාව පීඩනය දරාගැනී පරීක්ෂා කරන්න ආණ්ඩුව සිදු නොකළ යුතු බවත් ජනතාව මේ පිඩනය හැමදාම දරාගෙන කියලා ආණ්ඩුව හිතනවානම් ආණ්ඩුව වරද්ද ගන්න තැන එතන බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර සබධතා ගොඩනගන්නයැයි කියා ජනාධිපති ලෝක වටේ සංචාරය කරන බවත් ඒ් සිදුකරන සාකච්ඡා වලින් රටට කිසිදු ව්‍යාපෘතියක් කිසිදු ආයෝජනයක් නොලැබුණ බවත් රනිල් වික්‍රමසිංහ කතා කරද්දි අනෙක් රටවල නායකයන් වැඩිකිලි විවේකයක් අරගෙන තිබෙන බවත් ඒ් මහතා වැඩිදුරටත් කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා මේ බව සඳහන් කළේ අද (02) කොළඹ විපක්නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.එම් මරික්කාර් මහතා,

”අපේ රට දැන් අරුම පුදුම රටක් වෙලා තියෙන්නේ. අරුම පුදුම ඇමැතිවරු ඉන්න අරුම පුදුම බිල් එන අරුම පුදුම වැඩ සිදුවෙන රටක් බවට තමයි වික්‍රමසිංහ මහත්තයාගේ පරිවර්තන යුගය ඇවිත් තියෙන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පරක්කු වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බැනලා චීනෙට කඩේ යනවා.

රටේ විදේශ ඇමැති කියනවා න්‍යෂ්ටික කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි නීති අනුමනය කරනවා කියලා. රතිඥ්ඥා චීනෙන් ගෙනල්ලා ගහන රටක විදේශ ඇමැති පිස්සු කියවනවා.

රටේ ක්‍රීඩා ඇමැති ගැසට් පිට ගැසට් ගහනවා. පාපන්දු සම්මේලයේ සභාපති හොරෙක් යැයි කියලා පාපන්දු සම්මේලනයේ නිල වරණය අවලංගු කරලා අන්තිමට ලෝක පාපන්දු සම්මේලනයේ තහනමටත් ලක්වුණා. ලෝක පාපන්දු සම්මේලනයේ නියෝගයෙන් නැවත නිල වරණය තිබ්බා පස්සේ හිටපු කෙනාම සභාපති බවට පත් වෙනවා.

රග්බි තහනම් කරලා තියෙනවා. ක්‍රිකට් සම්පුර්ණයෙන් අවුල් කරන්න යනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට රටේ ක්‍රිඩා ඇමැති ලියුමක් දාලා තියෙනවා ක්‍රිකට් සම්න්ධ කමිටුව හමුවෙන්න කියලා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒ ලියුම ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

රටේ සෞඛ්‍ය ඇමැති කෙලින පිස්සු රටේ මිනිස්සු සියලු දෙනාම දන්නවා. මිනිස්සුන්ට රෝහල් වලට යන්න වෙලා තියෙන්නේ මැරෙන්න බලාගෙන.

රටේ වෙළඳ ඇමැති බිත්තර රටින් ආනයනය කරන තැනකට රට පත් කරලා තියෙනවා.

විදුලි බල ඇමැති මාධ්‍ය සාකච්ඡා තියලා බර කතා කියනවා නමුත් දකුණු ආසියාවේ තුන්වෙනියට වැඩිම විදුලි බිල තියෙන්නේ ලංකාවේ. කැබිනට් මණ්ඩලයේදී කතා වෙලා තියෙනවා විදුලි බිල වැඩිකරන්න. ලංවීමට අපේක්ෂිත ආදායම ආවේ නැ කියලා තමයි විදුලි බිල වැඩි කරන්න යන්නේ. තව පාරක් විදුලි බිල වැඩි කළොත් දකුණු ආසියාවේ ඉහළම විදුලි බිල තියෙන රට බවට ලංකාව පත්වෙයි.

සබන් නිෂ්පාදනයේදී සෝප් නූඩ්ලස් කියලා නිෂ්පාදනයක් තියෙනවා. ඒ්ක කරන්නේ සාමාන්‍ය නිෂ්පාදන සමාගම්. බහුජාතික සමාගම් දෙකක් අමුද්‍රව්‍ය ගෙනල්ලා නිෂ්පාදන කරනවා. ඒ් සමාගම් දෙකේ බද්ද සියයට 5 දක්වා අඩු කරන්න යනවා.

දවසින් දවස වතුර බිල / විදුලි බිල / තෙල් මිල / ගෑස් මිල / කෑමවල මිල වැඩිවෙනවා ජනතාවගේ ආදායම අඩු වෙනවා. ආණ්ඩුවේ කට්ටියගේ කයියවල් ටික අහගෙන රටේ මිනිස්සු තාම බලාගෙන ඉන්නවා.

ඉදිරි දින 100 ඇතුළත ආණ්ඩුව කල්පනාකාරීව වැඩ කළේ නැත්නම් ආණ්ඩුව‌ට මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියලා හිතාගන්න බෑ. නමුත් ජනතාවගේ වේදනවා පීඩනය දරාගැනීමේ වේදනාව පරීක්ෂා කරන්න යන්න එපා. ජනතාවගේ වේදනවා පීඩනය උපරිමයට ඇවිත් තියෙන්නේ. ජනතාව උපයන මුදලින් එදිනෙදා ජීවිතය ගෙවා ගැනීමට නොහැකි තත්ත්වට ඇවිත් තියෙන්නේ. ආණ්ඩුව හිතනවානම් ජනතාව මේක හැමදාම දරාගෙන ඉදියි කියලා ආණ්ඩුව වරද්ද ගන්න තැන එතනයි.

ආණ්ඩුව දවසින් දවස වතුර බිල / විදුලි බිල / තෙල් මිල / ගෑස් මිල / කෑමවල මිල වැඩිකරද්දි මර්දනයත් වැඩි කරනවා. මාධ්‍ය නියාමන පනත් ගේනවා , ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගේන්න යනවා. මේ පනත් වලින් ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දාලා ජාත්‍යන්තරයෙන් උදව් බලාපොරොත්තු වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ අපේ රීරි මාංශ උරාබොන යකෙක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ විදේස් රටවල සහය නැතුව ලංකාවට ගමනක් නැ කියලා රටේ ජනතාව දන්නවා. ප්‍රජාතන්ත්‍රවාදය නැති ඒ්කාධිපති මර්දනකාරී රටකට ජාත්‍යන්තර රටවල් සංවිධාන ආයතන උදව් කරන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ විදෙස් රටවල ගිහිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන භන දේශනා කරලා ලංකාවේ මර්දනය ක්‍රියාත්මක කරනවා. තෙල් මිල / විදුලි බිල / වතුර බිල ඉහළ ගිහින් මේවට ජනතාවගෙන් එන පීඩනය ෆේස් බුක් ඒකේ හරි දාන්න බැරි වෙන්න තමයි සමාජ මාධ්‍ය නියාමනය පනතක් ගේන්න යන්නේ.

රටේ හැම කොල්ලෙක් කෙල්ලෙක්ම අතේ නාලිකවක් තියෙනවා. ඒවත් ඒක්ක සෙල්ලම් කරන්න බෑ. රට විනාශ කරපු ආර්ථිකය බංකොලොත් කරපු මහින්ද රාජපක්ෂත් කියනවා සමාජ මාධ්‍ය නියාමනය කරන්න ඔන නෑ. විවේචනය කිරීමේ අයිතිය තියෙනවා කියලා.

ජනාධිපති මාධ්‍ය අංශයේ ඉන්න විශාල පිරිසට දීමනා ගෙවමින් මොන විදිහේ කැම්පේන් කරත් ලබන අවුරුද්දේ මේ වෙද්දි වික්‍රමසිංහ මහත්තයා ගෙදර. ලබන අවුරුද්දේ මේ වෙද්දි රටේ තියෙන්නේ අලුත් ආණ්ඩුවක්. වික්‍රමසිංහ මහත්තයෝ දැන් දගලපු කාලය ඉවරයි.

ජනාධිපති මේ එනවා මේ යනවා. ජාත්‍යන්තර සබධතා ගොඩනගන්න කියලා ජනාධිපති ලෝක වටේ සංචාරය කරනවා. ඒ් සිදුකරන සාකච්ඡා වලින් රටට මොනවද ලැබුණේ. ඒ් සාකච්ඡා වල මිනිස්සුත් නෑ. එක්සත් ජාතීන්ගේ සමුලුවේ සිරිසේන මහත්තයා සිංහලෙන් කතා කරද්දිත් විශාල ලෝක නායකන් පිරිසක් හිටියා.
රනිල් වික්‍රමසිංහ කතා කරද්දි අනෙක් රටවල නායකයන් වැඩිකිලි විවේකයක් අරගෙන තියෙනවා.

රට රටවල් ගිහින් කතා කරපු ඒ්වායින් රටට ලැබුණු ඒක ව්‍යාපෘතියක් , එක ආධාරයක් නෑ. සිරිමාවෝ මැතිණියගේ කාලයේ චීනයෙන් ආධාර ලැබුණා. ජේ ආර් ජයවර්ධනගේ කාලේ ආධාර ලැබුණා. ගිය ආණ්ඩුව කාලේ ඉන්දියාවෙන් ආධාර ලැබුණා.

රනිල් වික්‍රමසිංහ එක ව්‍යාපෘතියක් අලුතින් ආරම්භ කරලා නෑ. එක ආදායම් මාර්ගයක් අලුතින් ආරම්භ කරලා නෑ. එක ආධාර ව්‍යාපෘතියක් ලැබිලා නෑ. නමුත් රටේ සම්පත් විකුණන්න තමයි බලාගෙන ඉන්නේ.
හෙට අනිද්දා ශ්‍රී ලංකන් ගුවන් සේවයත් විකුණලා දාන්න පුලුවන්. ආණ්ඩුව දන්නේ ණය ගන්නයි බදු ගහන්නයි විකුණන්නයි විතරයි.

ඡන්ද පැරදුණ ජන මතයක් නැති පිරිසක් එකතු වෙලා ජනාධිපති ලේකම් කාර්යාලය වට කරගෙන ඩීල් දානවා. පොහොට්ටුවේ 134 දෙනා ඡන්දයක් අරගෙන පාර්ලිමේන්තු ඇවිත් තියෙනවා. ඔවුන්ගේ ඡන්දයෙන් පත් වෙලා ජනාධිපති කාර්යාලයේ රගන්නේ වෙන කෙනෙක්.

1994 න් පස්සේ ආපු ආණ්ඩු සියල්ල ඩීල් එක්ක තමයි වැඩ කළේ. ඩීල් හින්දා තමයි අපිත් යහපාලන ආණ්ඩුවෙන් වෙන් වෙන්න වුණේ. 2015 හොර අල්ලනවා හොරුන්ට දඩුවම් දෙනවා කියලා අපිට කියන්න කිව්වා. සම්ප්‍රදායික දේශපාලනයේ ඉන්න වලව් පන්තිය ඒ් වලව් රකිනවා. වලව් පන්තියේ නොවන කණ්ඩායමක් ආවොත් තමයි වලව් පන්තියට නියම පාඩමක් ඉගෙන ගන්න පුලුවන්. රාජපක්ෂලාටයි වික්‍රමසිංහලාටයි දැන් තියෙන බය තමයි වලව් පන්තියේ නොවන සජිත් ප්‍රේමදාස රටේ නායකයා වෙයිද කියලා. ආණ්ඩු මාරුවක් එනවා. ඒ් ආණ්ඩු මරුවේදී සියල්ල වන්දි ගෙවන්න මේ ආණ්ඩුවට සිදුවෙයි.”

=================================
ප්‍රශ්නය – අයවැයෙන් මැතිවරණයට මුදල් වෙන් කරලා තියෙනවා කියලා ආංචියි. ඒ් ජනාධිපතිවරණයකටද නැතිනම් පළාත් පාලන මැතිවරණයකටද

පිළිතුර – ලබන අවුරුද්ද මැතිවරණ වර්ශයක්. ජනාධිපතිවරණය අනිවාර්යයෙන් තියන්න ඔන. ජනාධිපතිවරණය කල් දාන්න බෑ. මහ මැතිවරණය අනිවාර්යෙන් තියන්න ඔන.

වික්‍රමසිංහ ගේන අයවැයේ සමහරවිට අමාත්‍යාංශ කිහිපයක වැය ශිර්ෂ පරදින්නත් පුලුවන්. වික්‍රමසිංහ දන්නවා ඡන්දය තියන්න ඔන කියලා. බොරුව කරන්නේ.

‍

ප්‍රශ්නය – සංචාරක ඇමැති කියනවා සංචාරකයේ විශාල ප්‍රමාණයක් ඇවිත් තියෙනවා සංචාරක කර්මාන්තෙයන් රටේ ආර්ථික ගොඩගන්න පුලුවන් කියලා.

පිළිතුර – ආපු විදෙස් සංචාරකයින් කොච්ච විදයම් කරලා තියෙනවද කියලා බලන්න. ආරුගම්බෙට එන සංචාරකයේ පාරාටා කාලා ප්ලෙන්ටියක් බිලා ඉන්නේ. ලංකාවේ හෝටල් කාමර ටික පිරෙන්න මිලියන 3 ක් සංචාරකයෝ ඒන්න ඔන. සංචාරකයන්ට අපි එන්න එපා කියන්නේ නෑ.

කියන තරම් සංචාරකයන් ලංකාවට එනවනම් ඩොලර් හම්බුවෙනවනම් තෙල් මිල ඇයි වැඩි කරන්නේ. බස් ගාස්තු වැඩි වෙන්නේ ඇයි. බඩු වල මිල වැඩි කරන්නේ ඇයි.

ප්‍රශ්නය – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියනවා ලංකාව කැප කිරීම් කරලා ලංකාව ඔලුව උස්සලා තියෙනවා කියලා.

පිළිතුර – කැප කිරීම් කරලා තියෙනවා. මිනිස්සු බඩ ගින්නේ ඉදලා. ලක්ෂ 2 ක් විතර ලමයි පාසල් යන්නේ නැතිව ඉදලා. තුන්වේල කාපු මිනිස්සු දෙවේලක් කාලා.
ගෙදර ගණන් හදලා ලයිට් දාලා. සතියට කීපාරක් නානවද කියලා ගණන් හදලා. මිනිස්සු කැප කිරීම් කරලා තියෙනවා.නමුත් රාජ්‍ය නායකයා කැප කිරීම් කරලා නෑ. පිරිසක් පිරිවරාගෙන සතියෙන් සතිය රට යනවා.

ප්‍රශ්නය – ආණ්ඩුව කියනවා රාජ්‍ය තාන්ත්‍රික ධූත පිරිස් ජනාධිපතිවරයා හමුවෙන්නේ ලංකාවට ගන්න පුලුවන් දේවල් ගන්න කියලා.

පිලිතුර – ලෝකය පිළිගත් නායකයා එක්සත් ජාතින්ගේ කවුන්සියල (යු එන්) ඒක අමතනකොට කෝ රාජ්‍ය නායකයෝ. අවුරුදු එක හමාර තුළ පටන් ගත් ඒක ආයෝජන ව්‍යාපෘතියක් ඒක ආදයම් මාර්ගයක් ගැන කියන්න. ලංකාවේ ජනතාවගේ ආදායම් වැඩිවෙන ව්‍යාපෘති මොනාද පටන් ගෙන තියෙන්නේ.

ප්‍රශ්නය – කයියනායක කියලා හංගලං ගැහිල්ලක් ගහනවා කාටද මේ ගහන්නේ
‍
පිලිතුර – අපි හංගලා ගහන්නේ නෑ. කයියනායක කියන්නේ ජවිපෙට. චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ අනුර කෘෂිකරුම ඇමැති එක වැවක් හදලා තියෙනවද? ලාල්කාන්ද ග්‍රාමීය ආර්ථික ඇමැති එක සමුපකාරයක් හදලා තියෙනවද. විජිත හේරත් සංකෘතික ඇමැති මොනවා කරලා තියෙනවද දන්නෑ. ලංකාවම දන්නවා ජාත්‍යන්තරය නැතුව රටට ඉස්සරහට යන්න බැ කියලා. ටිල්වින්ට පුලුවන්ද ලෝක බැංකුව සමඟ කතා කරන්න. ලාල් කාන්තට පුලුවන්ද ආසියානු සංවර්ධන බැංකුවට යන්න. අනුර කුමාරට පුලුවන්ද අයි එම් ඒෆ් ඒකත් එක්ක කතා කරන්න. ප්‍රාදේශීය සභා වල කුණු අදින එකවත් ජවිපෙට කරගන්න බැරි වුණා.

ප්‍රශ්නය – මෛත්‍රීපාල සිරිසෙන කියනවා ශ්‍රිලනිපය වටා එකතු වුණොත් විතරයි ඊළග ආණ්ඩුව පිහිටුවන්න පුලුවන් කියලා.

පිලිතුර – මෛත්‍රීපාල සිරිසෙන ජනාධිපතිවරයාට දැනට නඩු 400 ක් විතර තියෙනවා. අධික පීඩනයෙන් ඉන්නේ. ඒ් නිසයි ඔය වගේ පිස්සු කතා කියන්නේ.

ප්‍රශ්නය – සිස්ටම් චෙන්ජ් කරනවා කියලා තමයි ගෝඨාභය බලයට ආවේ. නමුත් සිස්ටම් චෙන්ජ් එක නැවතිලා පරණ සිස්ටම් එකමනේද ඒන්න හදන්නේ

පිලිතුර – අරමුණ වැරදි නැ තේරීම වැරදියි. රටේ තරණ පිරිසගෙන් ඉල්ලන්නේ අරමුණ තියාගන්න අරමුණට ගැලපෙන කණ්ඩායම තෝරගන්න. අරමුණ වෙනුවෙන් බුරුවෙක් වීරයෙක් ගෙනල්ල රටට වුණ හානිය වගේ හානියක් කයියෝ ටිකක් ගෙනල්ලා ඒ් හානිය නැවත ඇති කර ගන්න ඒපා.

ප්‍රශ්නය – අයි එම් එෆ් ණය වාරිකය නොලැබෙන තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. මේ තත්ත්වටය තුළ රටේ ආර්ථික තත්ත්වයට මොනවා වෙයිද

පිලිතුර – අයි එම් එෆ් වාරිකය ඩොලර් මිලියන 333 යි . ඊට වඩා වැඩි මුදලක් රජයේ සේවකයන්ට පඩි ගෙවනවා. අයි එම් එෆ් ණය වාරිකය ලැබෙන එකෙන් වෙන්නේ ලෝකයා ඉදිරියේ පිලිගැනීමක් ඇතිවෙනවා ලංකාව ආයෝජන වලට සුදුසුයි කියලා. අයි එම් එෆ් වාරිකයෙන් රයේ සියලු ප්‍රශ්න විසඳන්න බෑ. රනිල් ජනාධිපතිවෙනකොට තිබ්බ ඩොලර් බිලියන 83 ණය බර දැන් ඩොලර් බිලියන 96 දක්වා වැඩි කරලා තියෙන්නේ. අයි එම් එෆ් වාරිකය ලබාගැනිමෙන් ලෝකයාට හොද පණිවිඩයක් දෙන්න පුලුවන්. අයි එම් එෆ් වාරිකය ලැබෙන්න ඔන. සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ රනිල් වික්‍රමසිංහ අයි එම් එෆ් සමඟ එකඟවෙලා තියෙන කොන්දේසි අපි වෙනස් කරනවා.
අයි එම් එෆ් බලන්නේ ණය වාරිකය ගෙවීමේ හැකියාව.

ප්‍රශ්නය – සමාජ මාධ්‍ය නියාමන පනතට විරුද්ධව පාර්ශ්ව ගණනාවක් විරෝධය දක්වලා තියෙනවා. එ විරෝධතා හමුවේ රජයට මේ පනත හකුල ගන්න සිදුවෙයිද

පිලිතුර – සමාජ මාධ්‍ය නියාමන පනත ඉවත් කරන්න ඔන. සමාජ මාධ්‍ය පරිශිලනය කරන පිරිසක් ඉන්නවා ඔවුන් යම් යම් දේවල් වගකීම් විරහිතව සමාජ මාධ්‍ය වල මුදා හරිනවා. ඒක තමයි ආණ්ඩුව අවස්ථාවක් කරගෙන තියෙන්නේ මේ පනත ගේන්න. ආණ්ඩුව මේ පනත හකුලා ගන්න ඔන. සමාජ මාධ්‍ය පරිශිකලකයන් ස්වයං වාරණයක් දා ගන්න ඔන. ඇත්ත පමණක් දාන්න. මිනිස්සුන්ට නොගැලපෙන දේවල් නොදමා ඉන්න. හරි තොරතුර සමාජ ගත කරන්න. යම් කිසි පිරිසක් මේවා උල්ලංඝනය කිරීමෙන් මෙවැනි තක්කඩි ආණ්ඩුවලට මෙවැනි පනත් ගේන්න පුලුවන්.

ප්‍රශ්නය – ජනාධිපතිවරණයේදී පොදු සන්ධානයක් හදන්න සාකච්ජාවක් තියෙනවද

පිළිතුර – පුලුල් සන්ධානයක් අවශයි මේ ආණ්ඩුව වට්ටන්න. ඒ් සන්ධානය ඇතුලට විවිධ පුද්ගලයන් එයි. මොන කට්ටය ආවත් සමගි ජන බලවේගය තීරණය කරලා ඉවරයි සජිත් ප්‍රේමදාස මහතා මීලඟ ජනාධිපති අපේක්ෂකයා වගේම රටේ මීලග ජනාධිපතවරයා වෙන්නෙත් සජිත් ප්‍රේමදාස. අපි ගිය පාර එක්කෙනෙක් ගෙනල්ල හොද පරිප්පුවක් කැවානෙ. අපි නැවත වතාවක් පරිප්පු කන්න ලැස්ති නෑ. මම අපේ පක්ෂයෙන් පිට කෙනෙක්ට ජනාධිපතිවෙන්න උදව් කරන්නේ නෑ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img