Monday, November 9, 2026
HomeNEWSපුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ නව ව්‍යාපෘති අරඹන්නැයි ආසියානු...

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ නව ව්‍යාපෘති අරඹන්නැයි ආසියානු සංවර්ධන බැංකුවට අගමැති යෝජනා කරයි.

2023.10.03

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය පිළිබඳව වූ නව ව්‍යාපෘති අරඹන්නැයි ආසියානු සංවර්ධන බැංකුවට අගමැති යෝජනා කරයි

පුනර්ජනනීය බලශක්තිය, පොදු ප්‍රවාහනය සහ ඩිජිටල්කරණය ආදී ක්ෂේත්‍රවලට අදාලව නව ව්‍යාපෘති ඇරඹීම සදහා ආයෝජනය කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ආසියානු සංවර්ධන බැංකුවට යෝජනා කරයි.

අග්‍රාමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කලේ අද (2023.10.03) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නේවාසික අධ්‍යක්ෂ Takafumi Kadono මහතා හමුවු අවස්ථාවේදීය.

විශේෂයෙන් මෙරට දුම්රිය සේවය සම්බන්ධයෙන් වු නව ව්‍යාපෘති කෙරෙහි අවධානයක් යොමු කරන ලෙස ද අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව මුහුණ දුන් පෙර නොවූ විරූ අර්බුදය හමුවේ ආර්ථික ස්ථාවරත්වය ළගා කර ගැනීම සදහාත්, කෘෂිකර්මාන්ත ඇතුළු අනෙකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහාත් ආසියානු සංවර්ධන බැංකුව ලබා දුන් සහාය අග්‍රාමාත්‍යවරයා අගය කළේය.

ආර්ථික ප්‍රගතිය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරන මධ්‍ය කාලීන සහ දිගු කාලීන ව්‍යාපෘති පිළිබඳව Takafumi Kadono මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළේය.

ආසියානු සංවර්ධන බැංකුව මගින් දැනට ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘති මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීම, පුද්ගලික අංශයේ සංවර්ධනය කිරීම, රාජ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම, සමාජ ආරක්ෂණය, සාධාරණ ප්‍රවේශය, සෞඛ්‍යය, දේශගුණය සහ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම වැනි ක්ෂේත්‍ර ආවරණය කෙරෙයි.

ව්‍යාපෘතිවල ප්‍රගතිය අධ්‍යයනය කිරීමට සහ ඉදිරි ව්‍යාපෘති පිළිබඳව සොයා බැලීමට ආසියානු සංවර්ධන බැංකුවේ පාලක මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කළ නව ව්‍යාපෘති පිළිබඳව සළකා බැලිය හැකි බවත් Takafumi Kadono මහතා වැඩිදුරටත් පැවසීය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සව් කුමාර් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img