Monday, November 9, 2026
HomeNEWSජාත්‍යන්තර සංවිධානවලට ශ්‍රී ලංකාවෙන් සහතිකයක්-මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ.

ජාත්‍යන්තර සංවිධානවලට ශ්‍රී ලංකාවෙන් සහතිකයක්-මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ.

2024 වසරේ ජනවාරි සිට නව සංවර්ධන ව්‍යාපෘති ආරම්භයට පෙර නිසි ඇගයීම් ක්‍රියාවලියක්..
සම්පත් ඵලදායී ලෙස භාවිත කරන බවට ජාත්‍යන්තර සංවිධානවලට ශ්‍රී ලංකාවෙන් සහතිකයක්..

  • මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ

රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාවන් මග හරවා ගැනීමේ ප්‍රධාන සාධකය නිසි ඇගයීම් ක්‍රියාවලියක් පවත්වාගෙන යාම බවත් 2024 වසරේ ජනවාරි සිට රාජ්‍ය අංශය සඳහා එය හඳුන්වා දීමට රජය සූදානම් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. නිසි ඇගයීම් ක්‍රියාවලියකින් තොරව ව්‍යාපෘති ආරම්භ කිරීමට අවසන් කිරීමට රජය සූදානම් බවයි හෙතෙම පවසන්නේ. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ රටේ තිරසර සංවර්ධන ක්‍රියාවලිය සඳහා සාර්ථක ඇගයීම් ක්‍රියාවලියක් අත්‍යාවශ්‍ය බවයි. ජාතික ඇගයීම් සතියේ සමාරම්භක උත්සවයෙන් ප්‍රධාන දේශනය පවත්වමින් සේමසිංහ මහතා අද (03) මේ බව පැවැසීය.

ජනතාවගේ බදු මුදල් වගවීමෙන් සහ විනිවිධභාවයකින් යුතුව සංවර්ධන ක්‍රියාවලිය සඳහා යොදවා ගැනීම සඳහා ද මෙම ඇගයීම් ක්‍රියාවලිය හේතු වන බවයි අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ. මෙම ක්‍රියාවලිය එක් රැයකින් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරීමට නොහැකි බව පෙන්වා දුන් සේමසිංහ මහතා ඇගයීම් ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීමේ සංස්තෘකියක් රට තුළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේ ය. එය වසර කිහිපයක් තුළ නිසි කැපවීමකින් සහ සාර්ථක ඇගයීම් ක්‍රියාවලියකින් අත්පත් කර ගත යුතු ජයග්‍රහණයක් බව සඳහන් කළ අමාත්‍යවරයා කියා සිටියේ එමගින් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ඇගයීම් සංකල්පය මෙරට සංවර්ධන ව්‍යාපෘති අතරට රැගෙන යාමට හැකි බවයි.

රට තුළ ක්‍රියාත්මක වන ඇගයීම් ක්‍රියාවලිය දේශීය වශයෙන් පමණක් නොව ජාත්‍යන්තර සංවිධානවල සහය තව දුරටත් ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීම සඳහා ද වැදගත් වන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය. ආධාර සපයන්නන්ට සේම ජාත්‍යන්තර සංවිධානවලට සිය දායකවත්ව ශ්‍රී ලංකාව වෙත දැක්වීමට පෙර සම්පත් උපරිම ලෙස භාවිත කිරීමට රට තුළ ඇති සූදානම පිළිබඳ මනා සාක්ෂියක් ලබා ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img