Monday, November 9, 2026
HomeNEWSවිදෙස් තානාපතිවරුන්ගේ පුරප්පාඩු ඉක්මනින් පිරවීමට උපදෙස්.

විදෙස් තානාපතිවරුන්ගේ පුරප්පාඩු ඉක්මනින් පිරවීමට උපදෙස්.

ආයෝජනය සහ සංචාරක කර්මාන්තයට අදාළ ගැටුලු පිළිබඳ සාකච්ඡා කොට ඒකාබද්ධ තීරණයක් ගැනීමට හැකි වන පරිදි කමිටුවක් පත් කිරීමට යෝජනා වෙයි

• විදෙස් තානාපතිවරුන්ගේ පුරප්පාඩු ඉක්මනින් පිරවීමට උපදෙස්

• බ්‍රික්ස් රටවල් සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල අනුමතිය සහිතව කමිටුවක් පත් කිරීමට එකඟතාව

ආයෝජනය සහ සංචාරක කර්මාන්තයට අදාළ ගැටුලු පිළිබඳ සාකච්ඡා කොට ඒකාබද්ධ තීරණයක් ගැනීමට හැකි වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නාමල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් ඊයේ (03) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

විදේශ තානාපති කාර්යාල මගින් මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීම සහ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳවද මෙම කමිටුවේදීසාකච්ඡා වූ අතර මේ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් අවශ්‍ය අනෙකුත් සියලු ආයතන අතර සම්බන්ධතාවය ගොඩනගා ගනිමින් මේ සඳහා කටයුතු කිරීමට සිදු කළ යුතු බව කමිටුව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, අපනයන සංවර්ධන මණ්ඩලය, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන එක් වී මෙම අවශ්‍යතාව වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් වන බවත් මේ සඳහා මෙම ආයතන අතර ඇති සන්නිවේදන දුර්වලතා මගහරවා ගත යුතු බවත් කාරක සභාවේ අදහස විය.

මේ අනුව ආයෝජනය සහ සංචාරක කර්මාන්තයට අදාළ ගැටුලු පිළිබඳ සාකච්ඡා කොට ඒකාබද්ධ තීරණයක් ගැනීමට හැකි වන පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කිරීමට කාරක සභාවේ සභාපති ගරු නාමල් රාජපක්ෂ මහතා යෝජනා කළේය. සති දෙකකට වරක් වත් මෙම පත් කරන කමිටුව රැස්වී අවශ්‍ය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වැදගත් වන බවද මෙහිදී ගරු නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

එසේම බ්‍රික්ස් රටවල් (බ්‍රසීලය,රුසියාව ,ඉන්දියාව ,චීනය, දකුණු අප්‍රිකාව) සමඟ කටයුතු කිරීම සම්බන්ධයෙන් අමාත්‍යමණ්ඩල අනුමතිය සහිතව කමිටුවක් පත් කිරීම පිළිබඳවද ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය.

මෙහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් පැහැදිලි කළ අතර අමාත්‍ය මණ්ඩල අනුමතිය සහිතව පත්කරනු ලබන මෙම අනු කමිටුව මගින් බ්‍රික්ස් රටවල් සමඟ කටයුතු කිරීම ඇතුළු කාරණා සලකා බැලීම සිදු වන බව පෙන්වා දෙන ලදි. මෙහිදී මේ සම්බන්ධයෙන් කාරක සභාවේ අනුමතිය හිමි වීම සිදු විය.

තවද විදෙස් තානාපතිවරුන්ගේ පුරප්පාඩු ඉක්මනින් පිරවීමට විදේශ කටයුතු අමාත්‍යාංශයට මැදිහත් වන ලෙස උපදෙස් ලබාදීමද මෙහිදී සිදු විය. විශේෂයෙන්ම චීනය ඇතුළු රටවල් කිහිපයකම මේ වන විට තනාපතිවරුන් පත් කිරීම ප්‍රමාද වී පවතින බව මෙහිදී කමිටුව පෙන්වා දුන් අතර ලංකාව සමග සෘජුවම සම්බන්ධවන අනෙකුත් රටවල් සමග ගුණාත්මක සම්බන්ධතාවක් පවත්වාගෙන යාම වැදගත් වන බව කමිටුවේ අදහස විය. මේ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය මේ පිළිබඳ මැදිහත්වන ලෙස කාරක සභාව උපදෙස් ලබාදීම සිදු විය.

මීට අමතරව තානාපති කාර්යාලවල නිලධාරීන් සම්බන්ධයෙන් සහ ඔවුන් පසුගිය වසර 5 තුළ සිදු කරන ලද කටයුතුවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමටද මෙහිදී යෝජනා විය.

මෙම කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු යදාමිණී ගුණවර්ධන, ගරු (නීතිඥ) මධුර විතානගේ මහත්වරු සම්බන්ධ වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img