1
IMF සමුළුව, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හමුවේ ඇති කරගත් විශ්වාසය තව දුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක් කර ගන්නවා…
- මුදල් රාජ්‍ය අමාත්‍ය,ශෙහාන් සේමසිංහ –
ලෝකය පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුකළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදු වෙමින් පවතින ආර්ථික ස්ථායීකරණය 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම හෙට (9) දා මොරොක්කෝවේ මරකේච් හි දී ආරම්භ වේ. ලබන 15 දක්වා පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීහු සේ ම රටවල් රැසක මුදල් අමාත්‍යවරු, මහබැංකු අධිපතිවරු හා නිලධාරීහු ද එක් වෙති.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව සදහා සහභාගී වී සිටිති.
මාධ්‍ය ඒකකය (මුදල් රාජ්‍ය අමාත්‍ය),
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය.
විමසීම් :- අනුරංග නිසල් 076-2044349






















