Friday, November 6, 2026
HomeNEWSIMF සමුළුව, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හමුවේ ඇති කරගත් විශ්වාසය තව දුරටත් තහවුරු...

IMF සමුළුව, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හමුවේ ඇති කරගත් විශ්වාසය තව දුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක් කර ගන්නවා-මුදල් රාජ්‍ය අමාත්‍ය,ශෙහාන් සේමසිංහ .

1

IMF සමුළුව, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර හමුවේ ඇති කරගත් විශ්වාසය තව දුරටත් තහවුරු කර ගැනීමට අවස්ථාවක් කර ගන්නවා…

  • මුදල් රාජ්‍ය අමාත්‍ය,ශෙහාන් සේමසිංහ –

ලෝකය පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුකළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේ දී ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි. එමගින් ශ්‍රී ලංකාව තුළ දැනට සිදු වෙමින් පවතින ආර්ථික ස්ථායීකරණය 2024 දී ආර්ථික වර්ධනයක් කරා ගමන් කරවීමට අවශ්‍ය පසුබිම සකස් වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම හෙට (9) දා මොරොක්කෝවේ මරකේච් හි දී ආරම්භ වේ. ලබන 15 දක්වා පැවැත්වෙන මෙම රැස්වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීහු සේ ම රටවල් රැසක මුදල් අමාත්‍යවරු, මහබැංකු අධිපතිවරු හා නිලධාරීහු ද එක් වෙති.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහබැංකු අධිපති ආචාර්‍ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු නිලධාරීහු මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුව සදහා සහභාගී වී සිටිති.

මාධ්‍ය ඒකකය (මුදල් රාජ්‍ය අමාත්‍ය),

මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය.

                                                                                       විමසීම් :- අනුරංග නිසල් 076-2044349

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු...

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img