Sunday, September 13, 2026
HomeNEWSවකුගඩු සහ පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රබල ඖෂධ දෙකක් රටේ හිඟයි-විපක්ෂ නායක...

වකුගඩු සහ පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රබල ඖෂධ දෙකක් රටේ හිඟයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.

වකුගඩු සහ පිළිකා රෝගීන්ට ලබා දෙන ප්‍රබල ඖෂධ දෙකක් රටේ හිඟයි, ඒත් ජනාධිපති සෞඛ්‍ය ඇමතිගෙ හිත සනසනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඛේදජනක කතාවේ තවත් පරිච්ඡේදයක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධ කිරීම් අපේක්ෂාවෙන් සිටින රෝගීන්ට ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඖෂධවල හිඟයක් මතුව ඇති බවත් Basiliximab, Antithymocytic Globulin යනාදී ඖෂධ හා එන්නත් වර්ග රුධිර කාන්දුකරණය සහ වකුගඩු බද්ධකිරීමට අතශ්‍යාවශ්‍යම වුවත් ඒවා මේ වන විට රට තුළ නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවට අත්‍යාවශ්‍ය ඖෂධ ලබා දෙන්න රජය අපොහොසත් වුවත් ඖෂධ මාෆියාව හරහා බාල බෙහෙත් ගෙන්වා ඒවා හොර පාරෙන් වෙළෙඳපොළට ඇතුළත් කරන දූෂිත ක්‍රියාවලිය කරමින් රජය තමන්ගේ දක්ෂතාව රටටම පෙන්වා ඇති බවත් විශේෂයෙන්ම රෙටුක්ස්සිමා (Rituximab) නම් ස්වයං ප්‍රතිශක්තීකරණ රෝග පාලන හා පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධය ද තත්ත්වයෙන් බාල ඒවායින් ගෙන්විමට කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (12) ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

එහි දි විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ බාල ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට රාජ්‍ය අනුග්‍රහයක් ලැබී ඇති බවත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියෙන් බැහැරව ගෙන්වීමේ ඒ ක්‍රමවේදය බහුලවම ක්‍රියාත්මක කර ඇත්තේ වත්මන් ජනාධිපතිගේ රජය හා වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය බවත් ය. එසේම මේ හරහා පුදුමාකාර හොරකම් රැසක් ක්‍රියාත්මක වන බවත් පිළිකා රෝගීන්ට දෙන බෙහෙත් ද බාල බෙහෙත් ලෙස හොර පාරෙන් ගෙනවිත් පිළිකා රෝගීන් මරණ මංචකය කරා ගෙන යාමට මේ රජය කටයුතු කර ඇති බවත් ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගවලින් පෙලෙන රෝගීන් ද මේ නිසා අපසුතාවට පත්ව ඇති බවත් ජීව විද්‍යාත්මක සංකීර්ණ ඖෂධයකින් පවා හොරකම වංචාව අල්ලස දූෂණය ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

තවද මෙවැනි දෙයක් වෙද්දි ජනාධිපති බලා සිටීම පුදුම සහගත බවත් මේ හොර ඖෂධ ජාවාරමට සෞඛ්‍ය ඇමතිවරයා පමණක් නොව ජනාධිපති හා සෞඛ්‍ය ඇමති රකින්න ඡන්දය ලබා දුන් 113 දෙනාම වගකිව යුතු බවත් විශ්වාසභංගයේ දී බොරු කතා නිර්මාණය කර ඖෂධ මාෆියාව එක්ක 113ක් සිටගත් මොවුන් මේ බාල බෙහෙත් වංචාවන් සදහා එක හා සමානව වගකිව යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ ජනතාව ජිවත් කරවීමට වඩා ජනාධිපතිවරයාට සෞඛ්‍ය ඇමතිවරයාගේ හිත සනසා තමගේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීම වැදගත් වී ඇති බව යි.

බංකොලොත් රටේ මෙවැනි ජාවාරම් තුලින් මුදල් හම්බකිරීමේ ජාවාරම් සිදු කිරීමත් ඒ දෙස බලා කිසිත් නොකර සිටිමත් යුක්ති සහගත නොවන බවත් මිනිසුන් මරණ, මිනිසුන්ගේ ජීවිත විනාශ කරන මෙකී සාපරාධි ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව සමගි ජන බලවේග රජයක් තුළ විනිවිදභාවයකින් යුක්තව රටේ නීතිය ක්‍රියාත්මක කර මේ සදහා වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට ගෙනවිත් නිසි දඩුවම් ලබා දෙන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...

අනුරාධපුරයට පැමිණි ජනතාවට ආචාරය- හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ

ජය ශ්‍රී මහා බෝධි හාමුදුරුවෝ වැඩ සිටින, ස්වර්ණමාලි මහා සෑය දරා සිටින මහා පින් බිමක් වන ඓතිහාසික අනුරාධපුරයෙන් ඊයේ (12) දින අපි ආරම්භ කරනු...

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img