Sunday, September 13, 2026
HomeNEWSදකුණු කලුමුල්දෙනිය නව සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම දකුණු පළාත් ...

දකුණු කලුමුල්දෙනිය නව සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් .

දකුණු කලුමුල්දෙනිය නව සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය විවෘත කිරීම 2023/10/20 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී. ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම නව ගොඩනැගිල්ල දකුණු පළාත් සභා ප්‍රතිපාදන මත ලක්ෂ 114 ක් පමණ වූ මුදලක් වියදම් කොට ඉදිකරන ලද්දකි.

නව සෞඛ්‍ය වෛද්‍ය මධ්‍යස්ථානය හරහා ඕකවෙල හා දකුණු කලුමුල්දෙනිය ප්‍රදේශවාසීන්ට මාතෘ හා ළමා සායන, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම, මුල් ළමාවිය සංවර්ධන වැඩසටහන් සහ ගම්වාසීන්ගේ සමිති සමාගම් පැවැත්වීම සඳහා අවස්ථාව උදාවනු ඇත.

මෙහිදී ගරු ආණ්ඩුකාරතුමා සභාව අමතමින් ප්‍රකාශ කළේ මෙම නව ගොඩනැගිල්ල නඩත්තු කරමින් ඉදිරියට පවත්වාගෙන යාම සේවය ලබා ගන්නා ඔබේත්,‍ රාජ්‍ය සේවකයන් වන අපගේත් යුතුකම හා වගකීම බවයි.

මෙම අවස්ථාව සඳහා වැඩමවා වදාළ ගල්තැම්ගොඩ විහාරස්ථානයේ විහාරාධීපති ස්වාමීන් වහන්සේ, දකුණු පළාත් සභා හිටපු ගරු මන්ත්‍රී කපිල දිසානායක මහතා, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු උප සභාපති අල්විස් මහතා, කලුමුල්දෙනිය කොට්ඨාස හිටපු ගරු මන්ත්‍රී රණතුංග මහතා, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ක්‍රිශාන්ත මහේන්ද්‍ර මහතා, ප්‍රධාන අමාත්‍ය සහකාර ලේකම්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා, හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැදිගේ මහත්මිය, ඕකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර මහතා, ඕකවෙල ප්‍රාදේශීය ලේකම්තුමිය, ඕකවෙල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී මහත්මීන්, ඕකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්, ගැබිනි මව්වරුන්, ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img