Sunday, September 13, 2026
HomeNEWS වසර 10ක් තුළ මෙරට නාගරීකරණය 44.57% ක් දක්වා ඉහළට….අමාත්‍ය ප්‍රසන්න රණතුංග.

 වසර 10ක් තුළ මෙරට නාගරීකරණය 44.57% ක් දක්වා ඉහළට….අමාත්‍ය ප්‍රසන්න රණතුංග.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග
ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 4

  • අමාත්‍ය ප්‍රසන්න රණතුංග
    ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
    ඊට අදාළ වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත භාරදීම ඊයේ (17) පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී සිදු කෙරිණි. එය භාරදුන්නේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා විසිනි.
    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
    නාගරීකරණය යනු යම් රටක සංවර්ධනය පිළිඹිබු කරන ප්‍රධාන සාධකයකි. එසේම නාගරීකරණය රටේ අනාගත දිශානතිය තීරණය කරනු ලබන වැදගත් සාධකයක්ද වේ. ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අවසන්වරට සමීක්ෂණයක් සිදුකර තිබෙන්නේ 2012 වසරේදීය. එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2 % කි.
    යම් ප්‍රදේශයක නාගරීකරණය මැන බලන්නේ නිර්ණායක කිහිපයක් මත පදනම්වය. ජනගහණය, ජනගහණ ඝණත්වය, කිලෝමීටර 10 ක් ඇතුළත පිහිටා ඇති සුපිරි වෙළඳසැල් හා සුපිරි ඇඳුම් වෙළඳසැල්, ඉන්ධන හල්, බැංකු, පුද්ගලික පාසල් හා පුද්ගලික රෝහල් ප්‍රමාණය, ග්‍රාම නිළධාරී වසමක් තුළ පිහිටා ඇති තට්ටු නිවාස සංඛ්‍යාව, කුලී සහ බදු පදනම මත ලබා දී ඇති නිවාස ප්‍රතිශතය, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක කෘෂිකර්ම අංශයේ නොවන රැකියා කරන පිරිස කොපමණද වැනි නිර්ණායක ඒ අතර වේ.
    ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙහි අරමුණ වන්නේ මෙරට ප්‍රාදේශීය සභා සීමාවන්හි පිහිටි නාගරික ප්‍රදේශ හදුනා ගැනීම සහ ඒ සදහා සුදුසු නිර්ණායක ක්‍රමවත්ව දැක්වීමයි. මෙම සමීක්ෂණය සදහා උපදෙස් ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු උපදේශන කමිටුවක්ද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරිණ.
    මෙම සමීක්ෂණයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම හා කොලොන්නාව ප්‍රාදේශීය සභා දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවන් සීඝ්‍රයෙන් නාගරීකරණය වී ඇති බවට හදුනාගත් බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා මෙහිදී සදහන් කලේය. එමෙන්ම දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ ද සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින බවද ඔහු පැවසීය.
    මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර මෙය ජනාධිපතිවරයාට සහ සියලුම දිස්ත්‍රික් කමිටුවලට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙස මෙහිදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
    මෙම සමීක්ෂණයට අනුව මෙරට ප්‍රාදේශීය සභා 276 තුළ පිහිටි ග්‍රාම නිළධාරී වසම් 12,773 අතරින් ග්‍රාම නිළධාරී වසම් 3,025 ක් නාගරික ප්‍රදේශ වශයෙන් හදුනාගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 23.68% ක් වේ. මෙම සමීක්ෂණයට අනුව මෙරට නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය වන්නේ කොළඹයි. එහි ප්‍රතිශතය 96.74% කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 76.76% ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 67.28% ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. අඩුම නාගරික ජනගහන ප්‍රතිශතය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එය 2.84% ක් වේ.
    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග මහතා සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516

2023.10.18
 වසර 10ක් තුළ මෙරට නාගරීකරණය 44.57% ක් දක්වා ඉහළට….
 කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ නාගරීකරණය වී අවසන්…
 නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය – කොළඹ, අඩුම දිස්ත්‍රික්ක – මුලතිව්…
 මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට…
 ජනාධිපතිවරයාට සහ සියලුම දිස්ත්‍රික් කමිටුවලට මෙය ඉදිරිපත් කර කඩිනමින් අනුමැතිය ලබා ගන්න….

  • අමාත්‍ය ප්‍රසන්න රණතුංග
    ශ්‍රී ලංකාවේ නාගරික ජනගහණය 44.57% ක් දක්වා වැඩි වී ඇති බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකළ නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
    ඊට අදාළ වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙත භාරදීම ඊයේ (17) පාර්ලිමේන්තුව පරිශ්‍රයේදී සිදු කෙරිණි. එය භාරදුන්නේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා විසිනි.
    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි නගර හා ග්‍රාම නිර්මාණ පනත අනුව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
    නාගරීකරණය යනු යම් රටක සංවර්ධනය පිළිඹිබු කරන ප්‍රධාන සාධකයකි. එසේම නාගරීකරණය රටේ අනාගත දිශානතිය තීරණය කරනු ලබන වැදගත් සාධකයක්ද වේ. ශ්‍රී ලංකාවේ නාගරීකරණය සම්බන්ධයෙන් අවසන්වරට සමීක්ෂණයක් සිදුකර තිබෙන්නේ 2012 වසරේදීය. එම ජන හා නිවාස සංගණනයට අනුව මෙරට නාගරීකරණය 18.2 % කි.
    යම් ප්‍රදේශයක නාගරීකරණය මැන බලන්නේ නිර්ණායක කිහිපයක් මත පදනම්වය. ජනගහණය, ජනගහණ ඝණත්වය, කිලෝමීටර 10 ක් ඇතුළත පිහිටා ඇති සුපිරි වෙළඳසැල් හා සුපිරි ඇඳුම් වෙළඳසැල්, ඉන්ධන හල්, බැංකු, පුද්ගලික පාසල් හා පුද්ගලික රෝහල් ප්‍රමාණය, ග්‍රාම නිළධාරී වසමක් තුළ පිහිටා ඇති තට්ටු නිවාස සංඛ්‍යාව, කුලී සහ බදු පදනම මත ලබා දී ඇති නිවාස ප්‍රතිශතය, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක කෘෂිකර්ම අංශයේ නොවන රැකියා කරන පිරිස කොපමණද වැනි නිර්ණායක ඒ අතර වේ.
    ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණයෙහි අරමුණ වන්නේ මෙරට ප්‍රාදේශීය සභා සීමාවන්හි පිහිටි නාගරික ප්‍රදේශ හදුනා ගැනීම සහ ඒ සදහා සුදුසු නිර්ණායක ක්‍රමවත්ව දැක්වීමයි. මෙම සමීක්ෂණය සදහා උපදෙස් ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුතු උපදේශන කමිටුවක්ද අමාත්‍ය මණ්ඩලය විසින් පත් කෙරිණ.
    මෙම සමීක්ෂණයට අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම හා කොලොන්නාව ප්‍රාදේශීය සභා දෙක සහ ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභාවන් සීඝ්‍රයෙන් නාගරීකරණය වී ඇති බවට හදුනාගත් බව ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී හේවගේ මහතා මෙහිදී සදහන් කලේය. එමෙන්ම දිවයිනේ අනෙකුත් දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශ ද සීඝ්‍රයෙන් නාගරීකරණය වෙමින් පවතින බවද ඔහු පැවසීය.
    මෙම සමීක්ෂණ වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට පෙර මෙය ජනාධිපතිවරයාට සහ සියලුම දිස්ත්‍රික් කමිටුවලට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගන්නා ලෙස මෙහිදී ප්‍රසන්න රණතුංග ඇමතිවරයා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.
    මෙම සමීක්ෂණයට අනුව මෙරට ප්‍රාදේශීය සභා 276 තුළ පිහිටි ග්‍රාම නිළධාරී වසම් 12,773 අතරින් ග්‍රාම නිළධාරී වසම් 3,025 ක් නාගරික ප්‍රදේශ වශයෙන් හදුනාගෙන තිබේ. එය ප්‍රතිශතයක් ලෙස 23.68% ක් වේ. මෙම සමීක්ෂණයට අනුව මෙරට නාගරික ජනගහන ප්‍රතිශතය වැඩිම දිස්ත්‍රික්කය වන්නේ කොළඹයි. එහි ප්‍රතිශතය 96.74% කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 76.76% ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 67.28% ක ප්‍රතිශතයක් පෙන්නුම් කරයි. අඩුම නාගරික ජනගහන ප්‍රතිශතය වාර්තා වන්නේ මුලතිව් දිස්ත්‍රික්කයෙනි. එය 2.84% ක් වේ.
    මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්.එස්. සත්‍යානන්ද මහතා, නාගරික සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එම්.පී. රණතුංග මහතා සහ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් සහභාගී වූහ.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අනතුරකට

පුද්ගලයින් 243 දෙනෙකු රැගත් ඉන්දුනීසියානු මගී නෞකාවක් ජාවා මුහුදේදී අතුරුදන්; 140 ක් සොයා මෙහෙයුම්; 103 දෙනෙකු බේරා ගැනේ; ඉන් එක් අයෙකු මිය යයි: විදෙස්...

වංචනිකයින්ට දූෂිතයින්ට කිසිදු සමාවක් නෑ- ජනපති පොළොන්නරුවේදී අවධාරණය කරයි

ආණ්ඩුව කිසිඳු සාකච්ඡාවකට හෝ සමාවකට සූදානම් නොමැති කරුණු දෙකක් පවතින බවත්, ඉන් එකක් පාතාලය බව ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ,...

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට හූති සටන්කාමීන්ගෙන් ප්‍රහාරයක්

දකුණු සවුදි අරාබියේ ෂරූරා හමුදා කඳවුරට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන සහය ලබන යේමනයේ හූති සන්නද්ධ කණ්ඩායම ප්‍රකාශ කරයි: විදෙස් මාධ්‍ය.

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img