Monday, November 2, 2026
HomeNEWSඊශ්‍රායලයේ දී මිය ගිය සාත්තු සේවිකවක් වන අනුලා රත්නායක මහත්මියගේ දේහයට කම්කරු...

ඊශ්‍රායලයේ දී මිය ගිය සාත්තු සේවිකවක් වන අනුලා රත්නායක මහත්මියගේ දේහයට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අවසන් ගෞරව දැක්වීය.

ඊශ්‍රායලයේ දී මිය ගිය සාත්තු සේවිකවක් වන අනුලා රත්නායක මහත්මියගේ දේහයට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද දහවල්, ඊරියවැටියේ නිවසට පැමිණ අනුලාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. එහි දී මාධ්‍යයට අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය.අනුලා විරසිංහ තම රාජකාරිය නිසිපරිදි ඉටුකරපු සාත්තුසේවිකාවක්. මා අද අපේ රජයේත් විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ ඊශ්‍රායල් රජයේත් ශෝකය අනුලාගේ පව්ලේ ඥාතීන් වෙත පල කලා. අනුලාට හිමිවිය යුතු සියළුම වංදිමුදල් ඒ අයුරින්ම ලබා දීමට ක්‍රියාකරනවා. ඊශ්‍රායලයේ සේවයේ නිරත අපේ ශ්‍රමිකයන්ට එරට සිටීම අණතුරුදායක නම් ඕනැම අවස්ථාවක,අපි ඔවුන් මව්බිමට ගෙන්වා ගන්න සූදානම් .නමුත් මෙතෙක් කිසිම කෙනෙක් ආපසු ඒමට කැමැත්ත පළකර ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීමක් කර නැහැ.යුද්ධය පවතින ප්‍රදේශ වල සිටින පිරිස ආරක්ෂිත ස්ථාන වල සිටින බවට තොරතුරු ලැබෙනවා .නමුත් ඊශ්‍රායලය පමණක් නෙවි ඒ අසල තිබෙන රටවල සේවයේ නිරත ලාංකික ශ්‍රමිකයන්ට පවා යුද්ධයෙන් අණතුරුදායක බවක් තිබේනම් අපි ඔවුන් මේ රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියළුම කටයුතු සූදානම් කර තිබෙනවා. ඊශ්‍රායලයේ නෙවි ලෝකයේ කුමන රටක හිටියත් මරණය අපි කරා එන්නේ ඒ අපි ගෙනා ආයුෂ අනුවයි.අපි පලස්තීනය පැත්තෙත් නෙවි ඊශ්‍රායලය පැත්තෙත් නෙවි මධ්‍යස්ථ ප්‍රතිඵත්තියක් අනුව අපේ රට වැඩ කරන්නෙ.අපි යුද්ධයට අකමැති යි.මේ වන විට ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින ලාංකිකයන්ට වීසා දීම නම් මා අනුමත කරන්නෙ නැහැ.මා ඒ පුවත මාධ්‍ය වලින් ප්‍රචාරය වනවා දැක්කා.ලංකාවේ ජීවත්වෙන්න බෑ කියලා මේ රටින් ගිහින් ඒ රටේ නීතිවිරෝධී අන්දමින් රැදී සිටි අයට විසා දීම නීතිවිරෝධීයි.අපි නඩු දමා තිබෙන නීතිවිරෝධී ශ්‍රමිකයන්ට එරට තානාපති තුමා මැදිහත්වී වීසා ලබාදීම මා නම් අනුමත කරන්නේ නැහැඅනුලා වීරසිංහ ඒ රටේ යුද්ධයෙන් මියගිය වීරව‍රියක් ලෙස ඔවුන් සලකන්නේ.දෙරටක ජාතික ධජවලින් ආවරණය කර සේවය කරපු රටේ වීරවරියක් ලෙස නම්කරමින් ගෞවාචාර දක්වා මෙරටට මෘතදේහය එව්ව පලමු කාන්තාව අනුලායි. රජයක් ලෙස අපි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img