Friday, September 11, 2026
HomeNEWSඅයවැයෙන් කළේ "ආර්ථික අර්බුදය" නැමැති "ඇවිලෙන ගින්නට" "පිදුරු " දමපු එකයි!-විමල්...

අයවැයෙන් කළේ “ආර්ථික අර්බුදය” නැමැති “ඇවිලෙන ගින්නට” “පිදුරු ” දමපු එකයි!-විමල් වීරවංශ.

අයවැයෙන් කළේ “ආර්ථික අර්බුදය” නැමැති “ඇවිලෙන ගින්නට” තව “පිදුරු ගොඩක්” දමපු එකයි!-උත්තර ලංකා සභාගයේ සභාපති, ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශජනාධිපතිවරයා කවර පුරාජේරු කතා කියූවත් මෙවර අයවැයෙන් සිදු කර ඇත්තේ මේ රට ඇද වැටී ඇති “ආර්ථික අර්බුදය” නමැති “ඇවිලෙන ගින්නට” තව “පිදුරු ගොඩක්” ගෙනැවිත් දැමීම බවත් එමගින් ජනතාවගේ ජීවන බර, බදු බර තවදුරටත් වැඩි කරනු ලැබ ඇති බවත් උත්තර ලංකා සභාගයේ සභාපති, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.අද(23) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු කටයුත්තකට පෙනී සිටීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ව්මල් වීරවංශ මහතා ලබා දුන් පිළිතුරු පහත පරිදිය.? නඩුවට මොකද වුණේ?අද අධිකරණය විසින් අලුතෙන් චෝදනා සංශෝධනය කිරීමක් සිදු කළා. ඒ අලුත් චෝදනාවට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේ නීතිඥ මහත්වරුන් අවස්ථාව ඉල්ලා සිටියා. එම මූලික විරෝධතා අපේ නීතිඥ මහත්වරුන් විසින් ඊළඟ නඩු දිනය වන 2024 පෙබරවාරි 08 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතයි.? දැන් මේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරනවා ද?ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ අනුමත කරනවා නම් අපි ඉන්න ඕනේ ආණ්ඩුව ඇතුළෙනෙ. අපි විපක්ෂයේ ඉන්නේ “ආණ්ඩුව මේ ගෙන යන වැඩපිළිවෙළින්, මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩඑන්නේ නැහැ” කියන මතය දරන නිසයි. මේ යන්නේ “එදා වේල ටුවර්ස් ගමනක්” මිසක් මේ ගැඹුරු ආර්ථික අර්බුදයෙන් මේ රට ගොඩගන්න ගමනක් නොවෙයි. අයවැයෙනුත් කළේ බදු බර-ජීවන බර තවත් වැඩි කරපු එක. ඒ කියන්නේ “ආර්ථික අර්බුදය” කියන “ඇවිලෙන ගින්නට” තව “පිදුරු” ගෙනැවිත් දමපු එක.? විපක්ෂයට අයවැය පරාජය කරන්න පුළුවන් ද?අයවැය පරාජය කිරීමට පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට සංඛ්‍යාත්මක බලයක් තිබෙනවා ද? කියන එක නොවෙයි වැදගත්. මේ අයවැයෙන් මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගැනීමේ සේයාවක්වත් පෙනෙනවා ද? කියන එකයි වැදගත්.? කොහොම වුණත් වැටුණු තැනින් රට ඉස්සරහට ගෙන යන්න ආණ්ඩුව දැන් විපක්ෂයේ සහාය ඉල්ලනවානේ…මේ ආණ්ඩුව සහාය ඉල්ලනවා කියන්නේ ‘ඇමැති කටු සූප්පු කරන්න එන්න’ කියන එකයි.? ජනාධිපතිවරයා පවසනවා, “2024 වසරේදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය යන දෙකම පවත්වන්න කටයුතු කරනවා” කියලා…නීතියට අනුකූලව ජනාධිපතිවරණය නම් ඊළඟ වසරේ අගභාගය වන විට පැවැත්විය යුතුයි. මහ මැතිවරණය පවත්වනවා නම් ඔහු එය පැවැත්වීමට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයෙන් අනතුරුවයි. ජනාධිපතිවරණය නිසැක ලෙසම පැවැත්වීමට සිදු වෙනවා. කල් දැමීමට පුළුවන් උප්පරවැට්ටියක් සොයා ගැනීමට හැකිවේවි, කියා අපට පෙනෙන්නේ නැහැ. ඒ නිසා තමයි ජනාධිපතිවරයා ඔය අදහස පළ කරන්න ඇත්තේ.? ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට මොකද වෙන්න යන්නේ?ක්‍රිකට්වල ඇති වෙලා තිබෙන පිරිහීම නැති කරන්න පුළුල් රැඩිකල් ක්‍රියාමාර්ග ගත යුතුව තිබෙනවා. සාම්ප්‍රදායික පාලන ව්‍යුහයකින් ඒක ගොඩදාන්න පුළුවන් වෙයි, කියලා මම විශ්වාස කරන්නේ නැහැ.? ICCය කියනවානේ, “මෙතැන දේශපාලන අතපෙවීමක් තිබෙන්නේ” කියා…මේක දේශපාලන අත පෙවීමක් කියලා අර්ථකථනය කරන්න බැහැනේ. අද මේ ක්‍රිකට්වල ඇති වෙලා තිබෙන තත්වය පිළිබඳව ආණ්ඩු පක්ෂය, විපක්ෂය කියා භේදයකින් තොරව එක මතයක් තිබෙනවා. එක දේශපාලන මතයක් නොවෙයි. ඒක මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව යළි ඉහළට ඔසවා තැබීම පිළිබඳ අභිලාෂයක්. ඒ නිසා “මෙතැන දේශපාලන අතපෙවීමක්, ඇඟිලිගැසීමක් තිබෙනවා” කියන එක මම නම් විශ්වාස කරන්නේ නැහැ.(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)මාධ්‍ය ලේකම්,ජාතික නිදහස් පෙරමුණ2023-11-23

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img