Friday, November 6, 2026
HomeNEWSපාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව දුන් තීන්දුව පිළිබඳ අපි ඉන්නේ දෙගෙඩියාවක‘‘ - මන්ත්‍රී...

පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව දුන් තීන්දුව පිළිබඳ අපි ඉන්නේ දෙගෙඩියාවක‘‘ – මන්ත්‍රී රෝහන බණ්ඩාර.

‘‘පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව දුන් තීන්දුව පිළිබඳ අපි ඉන්නේ දෙගෙඩියාවක‘‘ – මන්ත්‍රී රෝහන බණ්ඩාර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව ලබාදුන් තීන්දුව පිළිබඳ දෙගෙඩියාවක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා පැවැසීය.නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ තීන්දුව පිළිගන්නා බවත් ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමඟ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් නිසි සාක්ෂි විමසීමක් සිදුකළේ එම කමිටුවෙන් බවත් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව සිද්ධිය සම්බන්ධයෙන් නිසි සාක්ෂි විමසීමක් සිදුනොකළ බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ රෝහන බණ්ඩාර මහතා කීය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ, නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේදී නිදහසට කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන් බවත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී ඒ අවස්ථාව ලබා නොදුන් බවත් එය බරපතල අසාධාරණයක් බවත්ය. කෙසේ නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රකින්න සහ පාර්ලිමේන්තුවේ විනය රකින්න වැඩ කටයුතු සිදුකරන බවත් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ තීන්දුව පිළිගන්නා බවත් සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේය.පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහන බණ්ඩාර යන මහත්වරු මෙම අදහස් පළ කළේ අද (02) විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.එහිදී අදහස් දැක්වූ සුජිත් සංජය පෙරේරා මහතා ,‘‘ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අසභ්‍ය වචනයෙන් බැන වදිමින් රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට පහර දෙන්න උත්සහ කළා. ඒ බව කතානායකවරයාට මම සහ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා පැමිණිලි කළා. ඒ අවස්ථාවේ කතානායකවරයා මෙම සිද්ධිය පිළිබඳ සොයාබැලීමට නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන්න කටයුතු කළා. ඒ කමිටුවට අපිව කැඳවලා නිදහසට කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදුන්නා. ඒ කමිටුවේ නිර්දේශයට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට පසුගිය සතියේ ඉදිරිපත් කරලා තිබුණා. අපි හිතුවා කමිටුවේ නිර්දේශ ඒ අකාරයටම පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවේදීත් ක්‍රියාත්මක වෙයි කියලා. නමුත් නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේදී අපට නිදහසට කරුණු කියන්න අවස්ථාව ලබාදුන්නත් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී ඒ අවස්ථාව අපට හිමිවුණේ නෑ. එය බරපතල අසාධාරණයක්. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේදී අපට කරුණ ඉදිරිපත් කරන්න අවස්ථාව හිමිවුණානම් මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මීට වඩා සාධාරණ පිළිතුරක් ලැබෙන්න තිබුණා. කෙසේ නමුත් අපි පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව ලබාදුන් තීන්දුවට ගරු කරනවා. ඒ තීන්දුව අභියෝගයට ලක් කරන්න උත්සහ කරන්නේ නෑ.පාර්ලිමේන්තු සංකීරණයේදී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ අප අතර ඇතිවුණ සිද්ධිය පිළිබඳ රටම දන්නවා. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ඒ අවස්ථාවේ හැසිරුණ ආකාරයට සියලු දෙනාට දැක ගන්න අවස්ථාව ලැබුණා. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මේ සිද්ධියට සම්බන්ධ වෙලා අපි සමඟ ගැටලුවක් ඇති කර ගන්න උත්සහ කළා. එයින් අපිට ගැලවීමට අවස්ථාවක් ලැබුණේ නෑ කෙසේ නමුත් ඉදිරියේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් රකින්න පාර්ලිමේන්තුවේ විනය රකින්න අපි වැඩ කටයුතු සිදුකරනවා.‘‘එහිදී අදහස් දැක්වූ රෝහන බණ්ඩාර මහතා,‘‘කොහේවත් හිටපු අපිව මේ ප්‍රශ්නයට පටලවා ගත්තේ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය. ඒ නිසා තමයි අපි මේ සිද්ධිය වීඩියෝ ගත කළේ. විඩියෝ නොකළානම් මේ ප්‍රශ්නය වෙනස් වෙන්න තිබුණා. ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සිද්ධිය වුණ දවසේම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරලා සම්පුර්ණ සිදුවීම කණපිට හැරෙව්වා. මට තිබෙන චෝදනාව තමයි සිද්ධිය විඩියෝ ගත කරලා මුදා හැරියා කියන කාරණය.සුජිත් සංජය මන්ත්‍රීවරයා පැමිණ කටයුතු කළේ එම සිදුවීම කෙසේ හෝ වළක්වා ගන්න. සුජිත් සංජය මන්ත්‍රීවරයාට අවවාද කරලා නිදහස් කරන්න කියලා තමයි නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ එකඟතාවය වුණේ. කිහිපදෙනෙකු තමයි සුජිත් සංජය මන්ත්‍රීවරයාට මාසයක් පාර්ලිමේන්තු තහනම් කරන්න කියලා ප්‍රකාශ කරලා තිබුණේ. කෙසේ නමුත් අපි පිළිගන්නේ නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ තීන්දුවයි. ඒ කමිටුවෙන් තමයි මේ ප්‍රශ්නය පිළිබඳ නිසි අධීක්ෂණයක් සිදුකළේ. පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට අපිට කැදෙව්වේ නෑ. සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු සාක්ෂි විමසිමක් සිදුකළේ නෑ. සිද්ධිය සම්බන්ධයෙන් සියලු සාක්ෂි ලබාගෙන තමයි නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ වාර්තාව ඉදිරිපත් කළේ. නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ පාර්ලිමේන්තු කමිටුවේ තීන්දුවට එකඟ වුණ චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ කමිටුවේදීවේදී නිහඩව ඉදලා තිබෙනවා. චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ නිහඩ බව නිසා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ තීන්දුව පිළිගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ සෑම කමිටුවකම වැඩි සන්යුතියක් තිබෙන්නේ ආණ්ඩු පක්ෂයට. ඒ සන්යුතිය ආයුධයක් කරගෙන තීන්දු තිරණ ගැනීම සිදුවෙනවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසියකම් වෙනස් වෙන්න බෑ. සියලු දෙනාගේ අයිතිවාසිකම් සමාන විය යුතුයි. පාර්ලිමේන්තුව ගත් තීන්දුව පිළිබඳව අපට විවාදයක් තිබෙනවා. මේ තීන්දුව සම්බන්ධයෙන් අපි ඉන්නේ දෙගිඩියාවකින්. මේ තීන්දුව දේශපාලනිකයි. මට පුලුවන් කමක් තිබුණානම් සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයාගෙන් මාසයත් අදිනවා. සුජිත් සංජය පෙරේරා මහතා මෙම ප්‍රශ්නයේදී නිර්දෝෂියි. සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා මේ ගැටුමට සම්බන්ධ වුණේ මේ ගැටුම විසඳන්න. මාසයක පාර්ලිමේන්තු තහනම සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයාට සිදුවුණ කැළලක්. සමාජ මාධ්‍ය වල ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සමඟ ඇතිවුණ ගැටුවේ වීඩියෝවට රටේ ජනතාව දක්වපු ප්‍රතාචාර වලින් පැහැදිලි වුණා පාර්ලිමේන්තුවේ ඉන්න පිරිසට වඩා බුද්ධිමත් පිරිසක් එළියේ සිටින බව.අපි මේ සිදුවීම සම්බන්ධයෙන් මාසයක පමණ කාලයක් පාර්ලිමේන්තුව තුළදිවත් එළියෙදීවත් කතා කළේ නැ. අපි හැප්පුගේ ගලි බවුසරයක් එක්ක. ඒ සිදුවීම නැවත මතක් කරන්න අපිට හිරිකිතයි. ඒ නිසා අපි ඒ ගැන අමතක කරලා තිබුණේ. කෙසේ නමුත් අපි පාර්ලිමේන්තුව ලබාදුන්න දඩුවමට යටත් වෙනවා. ජනතා අධිකරණයේදී මේ තිරණ වලට නිසි තීන්දුව ලැබෙයි.‘‘

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img