Friday, November 6, 2026
HomeNEWSබෝලියද්ද ගමට ප්‍රමාද වූ පාලම දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් කඩිනම් කෙරේ.

බෝලියද්ද ගමට ප්‍රමාද වූ පාලම දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගයෙන් කඩිනම් කෙරේ.

ගරු ආණ්ඩුකාරතුමාගේ සිව් වර්ෂ පූර්ණයට සමගාමීව ඔහුගේ ගම් ප්‍රදේශය වන අකුරැස්ස මලිදූව ග්‍රාමයට ආසන්න බෝලියද්ද ගමේ දිගිලි ඇල හරහා වැටී තිබුණු අබලන් වූ පාලම වෙනුවට නව පාලමක් ඉදි කිරීම සදහා මුල් ගල් තැබීම 2023/11/30 දින දකුණු පළාත් ගරු ආණ්ඩුකාරවර ආචාර්ය විලී.ඩබ්ලිව් ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුන රණවක මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.වසර 04 ක් තිස්සේ ගම්වාසීන් අතර සහ පාලම සාදන නෙදර්ලන්ත අනුබද්ධ ෆෝසයිට් සමාගම අතර ඇතිවූ ගැටළු කීපයක් නිසා දිනෙන් දින පාලම සෑදීම ප්‍රමාද වූ මොහොතක ගරු ආණ්ඩුකාරතුමාගේ සෘජු මැදිහත්වීම මත සමාගමේ හිමිකාරත්වය (ෆෝසයිට්) සමග සිදු කරන ලද දුරකථන සාකච්ඡාවක ප්‍රතිඵල මත මාස 06 ක් වැටි කෙටි කාලයක් තුළ නෙදර්ලන්ත රජයේ මූල්‍ය ආධාර මත පාලම ඉදිකිරීමට නියමිතය.අබලන් පාලම ඉවත් කිරීම නිසා කොහුගොඩ, ඉහළ මලිදූව ගමට පිවිසීමට සහ පිටවීමට මාර්ගයක් නොමැති නිසා ඒ සදහා විකල්ප මාර්ගයක් ලෙස දැල්ඔරුව මැද මලිදූව මාර්ගය කොරි පස් යොදා ඉක්මනින් සංවර්ධන කිරීමට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමාට ගරු ආණ්ඩුකාරතුමා විසින් උපදෙස් ලබා දෙන ලදී.මෙම අවස්ථාවට වැඩමවා වදාළා පුවක්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ප්‍රමුඛ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නය, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගරු සභාපති හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී චම්ලි විතානාච්චි මහතා, දකුණු පළාත් සභා හිටපු ගරු මන්ත්‍රී චන්දන ප්‍රියන්ත මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාදාස කොඩිතුවක්කු මහතාගේ පෞද්ගලික ලේකම්තුමා, හිටපු ප්‍රාදේශීය සභා ගරු මන්ත්‍රී චමින්ද මහතා, කොට්ඨාසය සංවිධායක අරුණ දේශප්‍රිය මහතා, අකුරැස්ස සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමා, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මාර්ග හා පාලම්) ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන්, මලිදූව ග්‍රාමසේවක මහත්මිය,ගම්වාසීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img