Thursday, September 3, 2026
HomeNEWSLatest Newsප්‍රේමදාස යුගයේ කොටින්ට ආයුධ දුන් බවට ජයවික්‍රමපෙරේරා කළ ප්‍රකාශයෙන් සජිත් පිල කැළඹේ.

ප්‍රේමදාස යුගයේ කොටින්ට ආයුධ දුන් බවට ජයවික්‍රමපෙරේරා කළ ප්‍රකාශයෙන් සජිත් පිල කැළඹේ.

ප්‍රේමදාස යුගයේ කොටින්ට ආයුධ දුන් බවට ජයවික්‍රමපෙරේරා කළ ප්‍රකාශයෙන් සජිත් පිල කැළඹේ.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ යුගයේදීත් කොටි සංවිධානයට අවිආයුධ ඇතුළු ආධාර ලබාදුන් බවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කර තිබෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් සජිත් පේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය දැඩි කැලඹීමකට පත් ව ඇති බව වාර්තා වේ. මෙම ප්‍රකාශය තම ඡන්ද ව්‍යාපාරයට අවාසි බව සමගි ජනබලවේගයේ ජේෂ්ඨයින් කිහිප දෙනෙකුම සජිත් ප්‍රේමදාස මහතාට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ. මීට අමතරව එක්සත් ජාතික පක්ශයේ ජේෂ්ඨයින් පිරිසක් අතර පැවති සාකච්ඡාවක දී ද ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රකාශය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙන බවද වාර්තා වේ. කොටි සංවිධානයට උපායමාර්ගිකව අර්ථයෙන්ම රේමදාස යුගයේ අවි හා වෙනත් පහසුකම් ලබාදීම පිළිබඳව ගාමිණී ජය වික්‍රම පෙරේරා මහතා කළ ප්‍රකාශය විශාල කැළඹීමක් බවට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂයේ මතය වී ඇත. තම පියා කරපු දේ ගැන පුතා මොකද කියන්නෙ කියලා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨයින්ගෙ ස්ථාවරය වී තිබෙන බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img