Monday, November 9, 2026
HomeNEWSකටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවතින ගැටලු කඩිනමෙන් විසඳනවා. -ඇමති බිමල්.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවතින ගැටලු කඩිනමෙන් විසඳනවා. -ඇමති බිමල්.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවතින ගැටලු කඩිනමෙන් විසඳනවා. – බිමල් රත්නායක (වරාය හා නාවික,සිවිල් ගුවන් සේවා, ප්‍රවාහන මහාමාර්ග අමාත්‍ය)වර්තමානයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පවතින සේවක ගැටළු සම්බන්ධයෙන් සොයා බලා ඊට කඩිනමින් විසඳුම් ලබා දීමේ අරමුණෙන් විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ ගුවන්තොටුල පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්විය.මෙහිදී අදහස් දැක්වූ විෂයභාර අමාත්‍ය බිමල් රත්නායකක මහතා,”දැනට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පවතින ප්‍රධානම ගැටලුව වන්නේ ගුවන්තොටුපලට පැමිණෙන මගී ප්‍රමාණයට සරිලන පහසුකම් ලබා දීමට නොහැකි කමයි. ඒ සඳහා විවිධ යෝජනා පසුගිය කාලවල ක්‍රියාත්මක කර තිබෙනවා. නමුත් ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදු වූ අයථා ගනුදෙනු හා අනෙකුත් ගැටළු සමග 2023 වර්ෂයේ අවසන් කළ යුතු ප්‍රධාන ව්‍යාපෘති අවසන් කර ගැනීමට නොහැකි වී තිබෙනවා. අපේ රටේ ගුවන්තොටුපොල කිහිපයක් තිබුණත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල සංචාරක කර්මාන්තය හා අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා වැදගත්කමක් උසුලනවා. මේ නිසාම මේ තුළින් මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමටත් අනාගත අපේක්ෂාවන්ට සරිලන පරිදි ජාත්‍යන්තර ගුවන්තොටුපල ක්‍රමවේදයන්ට අනුගතව සංවර්ධනය කිරීමටත් අපි පියවර ගන්නවා. ඒ වගේම සේවක ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කර කඩි නමින් විසඳුම් ලබාදීමටත් මා අපේක්ෂා කරනවා” මෙහිදී ගුවන්තොටුපල පරිශ්‍රය තුළ සේවා සපයන විවිධ දෙපාර්තමේන්තු, ආගමන විගමන හා රේගුපරිශ්‍රය,බැංකු සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඇතුළු විවිධ රාජ්‍ය ආයතන පරිශ්‍ර වෙත ද යමින් සිය නිරීක්ෂණය සිදුකළ අමාත්‍ය බිමල් රත්නායක මහතා, මේ අවස්ථාවේ ගුවන්තොටුපළ වෙත පැමිණ සිටි ගුවන් මගින් සහ ගුවන්තොටුපල ආශ්‍රිත විවිධ වෙළඳ ආයතන වල සේවකයින් සමීපයට ගොස් ඔවුන් සමගින් ද අදහස් විමසූ අතර, වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ කතාබහකට ද එක්විය.මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනක රුවන් කොඩිතුවක්කු මහතා සහ කටුනායක ගුවන්තොටුපොල සහ ගුවන් සේවා සමාගමේ සභාපති , උප සභාපති ඇතුළු ගුවන් තොටුපල නිළධාරීන් රැසක් ද එක් විය.-මාධ්‍ය අංශය(ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා ගුවන්සේවා අමාත්‍යංශය)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img