Monday, November 9, 2026
HomeNEWSමියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි 27ක කණ්ඩායමක් ගෙන්වා ගැනේ.

මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි 27ක කණ්ඩායමක් ගෙන්වා ගැනේ.

පාර්ෂව කිහිපයක සහායෙන් මියන්මාර මිනිස් ජාවාරම් කඳවුරේ සිරවී සිටි 27ක කණ්ඩායමක් ගෙන්වා ගැනීමට රජය සමත් වෙයි.මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද දිවයිනට පැමිණියා. ඒ අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි UL 405 ශ්‍රී ලංකන් ගුවන් යානයෙනි. එම කණ්ඩායම විශේෂ ගේට්ටුවකින් ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණි. මිනිස් ජාවාරම්කරුවන්ගේ මුදාගත් කණ්ඩායම නීති විරෝධී සයිබර් අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ මිනිස් ජාවාරම්වලට ගොදුරුවී සිට ඇත. තවත් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවට වාර්තා වේ. ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙසත් අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දී ඇත.මිනිස් ජාවාරම්කරුවන්ට ගොඳුරු වී සිටින ශ්‍රී ලංකිකයන් ගලවා ගැනීමේ මෙහෙයුම් කඩිනම් කරන ලෙස 2024.11.25 වන දින විශේෂ රැස්වීමක් කැඳවමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් දුන්නා. එහි ප්‍රතිඵලයක් ලෙස මියන්මාර සහ තායිලන්ත රජයන් සමඟ දෙරටේ තානාපතිවරු සාකච්ඡා කරමින් අඛණ්ඩ සම්බන්ධීකරණයක් පැවැත් වූ අතර ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයන්හි සහ ජාවාරමට ලක් වූ ශ්‍රී ලාංකිකයන්ගේ පවුල් නියෝජනය කළ පූජ්‍ය මාලිගාවිල අස්සජි හිමියන්ගේ සහාය ද අද පැමිණි 27 දෙනා මුදවා ගැනීමේ මෙහෙයුමට හිමි වුණා.නව රජය පත් වීමෙන් පසු (2024.11.01 සිට 2024.12.16 දක්වා) මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් දිවයිනට පැමිණ තිබෙනවා. නොවැම්බර් මස 25දා 32 දෙදෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් ද ඇතුළුව. ඊට පෙර අප්‍රේල් මාසයේ 08 දෙනෙකු සහ අගෝස්තු මාසයේ 20 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම් දෙකක් ඇතුළුව වරින් වර 62ක් (2022.12.03 සිට 2024.10.10 දක්වා) පැමිණ තිබෙනවා. මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත් නොවීම සඳහා බලයලත් ක්‍රියා පටිපාටිවලට අනිවාර්යයෙන් අනුගත වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියි. ඔවුන් විදේශ රැකියා ආරම්භ කිරීමට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ඔවුන්ගේ රැකියා අවස්ථා හෝ දීමනා තහවුරු කර ගැනීම සිදුකළ යුතුය. තොරතුරු සඳහා http://www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ වෙබ් අඩවියට පිවිසෙන්න; නැතහොත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අංක 1989 (පැය 24 පුරා ක්‍රියාත්මක ඇමතුම් මධ්‍යස්ථානය) අමතන්න.( වීඩියෝ https://we.tl/t-dsFrnD0dQk ෆොටෝ https://we.tl/t-6R1osOwg7U ) සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img