හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉවත් කිරීමේ තීරණය අද (23) සිට ක්‍රියාත්මක වනවා.ඒ අනුව අද (23) සිට හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවන්නේ පොලිස් නිලධාරීන් පමණයි.හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඉවත් කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී පැහැදිලි කළා.ඒ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අද (23) සිට ඉවත් කෙරෙන අතර ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මාස හයකට වරක් සමාලෝචනය කර ඒ අනුව ආරක්ෂක විධිවිධාන තර කිරීමටයි රජය තීරණය කර තිබෙන්නේ.ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට කිසිදු ආකාරයක ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොතබන බවද ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කරනවා.හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින නිලධාරීන් සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවීමත් සමග මෙලෙස ආරක්ෂාවට සිටි නිලධාරීන් සංඛ්‍යාව අවම කිරීමට රජය තීරණය කළා.






















