Friday, November 6, 2026
HomeNEWSවිදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ටත් ඩිජිටල් පහසුකම් යටතේ සේවා රැසක්.

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ටත් ඩිජිටල් පහසුකම් යටතේ සේවා රැසක්.

ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඩිජිටල්කරණ වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඒ රටවල පිහිටි තානාපති කාර්යාල හරහා ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික කඩිනමින් ලබා ගැනීමට හැකි ඩිජිටල් පහසුකම ආරම්භ කිරීම 2025.01.06 ඊයේ දිනදින සිදු විය.විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මෙම ‍වෙබ් අඩවිය ගරු අමාත්‍ය විජිත හේරත් මැතිතුමා විවෘත කළේ ය. තානාපති කාර්යාල 07ක් වෙනුවෙන් මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. ඒ අනුව ජපානය, කටාර්, කුවේට් තානාපති කාර්යාල මිලානෝ, ටොරොන්ටෝ, මෙල්බර්න් සහ ඩුබායි කොන්සල් කාර්යාල මගින් ඒ රටවල්වල සිටින ශ්‍රී ලාංකිකයන්ට මින් ඉදිරියට ප්‍රමාදයකින් තොරව උප්පැන්න සහතික, විවාහ සහතික හා මරණ සහතික සහතික ලබා ගැනීමේ අවස්ථාව උදා වනු ඇත. මෙම ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී සියලු තානාපති කාර්යාල ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරෙනු ඇත. නියමු ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා, විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශයේ ලේකම් අරුණි රණරාජ මහත්මිය, රෙජිට්‍රාර් ජනරාල් ඩබ්.ආර්.එන්.එස් විජයසිංහ මහතා, ජනාධිපති ජේෂ්ඨ අතිරේක ලේකම් (පරිපාලන හා රාජ්‍යතාන්ත්‍රික කටයුතු) ජී.ජී.එස්.සී.රෝෂන සහ විදේශ කටයුතු, විදේශ රැකියා, සංචාරක අමාත්‍යංශය ඉහළ නිලධාරීන් පිරිසක් ද සහභාගි වූහ.ගරු අමාත්‍ය තුමා මෙහිදී පළ කළ අදහස් (https://we.tl/t-QbxWKcaO0N) සහ මෙම අවස්ථාවේ ඡායාරූප අමුණා ඇත. සකීෆ් සාම්මාධ්‍ය ලේකම්විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කාර්යාලයmedia.secretary@mfa.gov.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහි සක්‍රීය කොටස්කරුවන් වන්න-ජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි

විෂ මත්ද්‍රව්‍ය උවදුරින් ජාතිය මුදා ගැනීමේ ජාතික වැඩපිළිවෙළෙහිසක්‍රීය කොටස්කරුවන් වන්නජනපති ආගමික නායකයින්ගෙන් ඉල්ලයි අද රට හමුවේ පැහැදිලිව කණ්ඩායම් දෙකක් සිටිනවා. ඒ මත්ද්‍රව්‍ය හා සන්නද්ධ අපරාධ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img